නවතම පුවත්

පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට ත්‍රස්ත තර්ජනයක්!

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ සහය පතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු අනතුරු ඇඟවීමක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලද අනතුරු ඇඟවීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

පාකිස්තාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක්
එල්ල විය හැකි බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවට අනතුරු ඇඟවීම මගින් අවධාරණය කර ඇත.

එම නිසා, සංචාරය ආරම්භ කිරීමට පෙර අතිශයින් සැලකිලිමත් වන ලෙසත්, තත්වය ‘නැවත තක්සේරු කරන ලෙසත්’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දී ලැබී තිබේ.

එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, විස්සයි20 පිලේ උප නායක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, හිටපු නායක දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයෝ මේ වන විටත් පාකිස්තානු සංචාරය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්