නවතම පුවත්

නැගෙනහිර ත්‍රස්තවාදී මුලස්ථානයට දියකාවා කමාන්ඩෝ මෙහෙයුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

දියකාවා යුධ අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වු තොප්පිගල , නරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පලාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට යුධ හමුදාවේ පලමු වන කමාන්ඩෝ රෙජිමේන්තු‍වේ සෙබළුන් අද ( 19) සමත්වූහ.

එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් මුළුමනින්ම විනාශ කර දමනු ලැබීය. දියකාවා යුද අභ්‍යාසයේ පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට පළමු වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් 40 දෙනෙකු එක්වුහ.

මෙම ක්‍රියාන්විතයට කමාන්ඩෝ භටයින් අට දෙනා බැගින් වූ කණ්ඩායම් පහක් ලෙස සහභාගී වූ අතර ඉන් කණ්ඩායම් දෙකක් මෙහෙයුම සඳහා ගුවනින් පැමිණි අතර නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් සහ අතිරේක භට කණ්ඩායමක් ලෙස ඔවුහු මෙහෙයුමට එක්වූහ.

එසේම මෙම මෙහෙයුමට විදේශීය හමුදා සෙබළුන් පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහෙයුම අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙය ඔවුන්ට අතිවිශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ පුහුණුවක් බවයි. 
මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා  දියකාවා යුදඅභ්‍යාසයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනිල් සමරසිරි මහතාද එක්ව සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්