නවතම පුවත්

එජාපෙ අපේක්ෂකයා තෝරන කමිටු වාර්තාව හෙට

අසංක

අසංක

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව හෙට (23) පෙරවරුවේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.

මෙම කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා රාජිත සේනාරත්න සමඟ දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් විසින් මෙම වාර්තාව අගමැතිවරයාට භාරදෙනු ඇත.

මෙම කමිටුව , පක්ෂයට සුදුසු අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කරඇති අතර එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන ඇති නවතම සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට එජාප හිතවාදී පක්ෂවල මතයද විමසා මෙයට අදාළ නිර්දේශ එම කමිටුව විසින් සකස් කෙරෙන බව අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ අතර එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට අදාළ තවත් තීරණාත්මක හමු දෙකක් අද දින පැවැත්වීමට නියමිතව ඇත

ඒ යටතේ ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (22) පෙරවරුවේ පැවැත්විමට නියමිතව ඇත.

අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනිම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ජාවට ලක්කෙරෙනු ඇත,

මේ අතර කතානායක කරු ජයසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව මෙහිදී ද සාකච්ඡා වනු ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්