නවතම පුවත්

රත්මලානේ පාතාල කල්ලියක් ප්‍රසිද්ධියේ මිනීමරන්න යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට වෙඩිතබා ඝාතනය කොට ඔහුගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ඝාතනයට තැත් කළ රත්මලානේ ‘කුඩු අංජුගේ’ ගෝලයෙක් ටී56 ගිනි අවි රැගෙන නිදහසේ සැරිසරමින් විරුද්ධවාදීන් ඝාතනයට උත්සාහ දරමින් සිටියි.

කුඩු අංජු නමැත්තා ඩුබායිහි සිට ලබාදෙන උපදෙස්වලට අනුව ගෝලයින් පසුගිය 18 වැනිදා අත්තිඩියේ ගොවිපොලවත්ත ප්‍රදේශයේ මහ දවාලේ පුද්ගලයකු ඝාතනය කරන්නට ගොස් තිබුණේ ටී56 අතැතිවය. ඔවුන් එසේ ගමන් කරන අයුරු සීසීටීවී කැමරාවට හසුව තිබුණි.

පසුගිය 22 වැනිදා නැවතත් ඔවුන් මොරටුවේ තට්ටු නිවාස සංකීරණයකට කඩාවැදී උත්සාහ කර ඇත්තේ ටී56 ද රැගෙනයි. මේ අයුරින් මොවුන් ටී56 ආයුධ රැගෙන ගෙවී ගිය සතිය තුල ස්ථාන 6-7කට පමණ ගොස් ඇති බවත් මේ කල්ලියට පොලීසියේ ඇතැම් අයගේ සහය ලැබෙන බවත් බුද්ධි අංශ පවසයි.

ඉකුත් 2 වැනිදා රත්මලාන බොරුවලදී මහේෂ් නමැත්තාට කපා කොටා මරා දමා තිබුණේ ද මේ කල්ලිය විසිනි.

මහේෂ්ගේ අවසන් කටයුතු තොරණ් ගසා ඉහළින් ගන්නට එපා යැයි ඔහුගේ සොයුරාට ඩුබායිහි සිට අංජු විසින් තර්ජනය කර තිබුණි.

පාතාල කල්ලි සමාජිකයන් T56 ගිනි අවි සමග
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්