නවතම පුවත්

සෑම මිනිත්තුවකම දරුවන් 14ක් මරුට

අසංක

අසංක

ලොව පුරා සෑම දිනකම ළමුන් 21,000ක් මියයන බවට හෙළිවී තිබේ. ජාත්‍යන්තර වශයෙන් කලින් කලට කරනු ලබන සමීක්ෂණවලදී මේ බව අනාවරණය වී ඇත. සෑම තත්ත්පර 4කටම එක් දරුවකු මියයන අතර සැම මිනිත්තුවකටම ළමා මරණ 14ක් සිදුවේ.

බරපතළ ලෝක අර්බුදයක් වී ඇති මෙම ළමා මරණ වැඩිවීම, 2011 වසරේදී ලිබියාවේ සිදුවු උග‍්‍ර ගැටුම් සෑම දිනකම සිදුවනවා සේ අතිවිශාල සංඛ්‍යාවකි. එය 2010 සිදුවූ හයිටි භූ කම්පනය සෑම දින 10කට වරක් සිදුවනවා මෙන් මරණ ගොන්නක් බවට පත්ව තිබේ. මෙම තත්වය 2004 මුළුමහත් ආසියවටම බලපෑ සුනාමි ව්‍යසනය දින 11කට වරක් සිදුවූවාක් මෙනි. ඉරාක අර්බුදයෙන් සෑම දින 19-46කට වරක් සිදුවනවා මෙන් මෙම ළමා මරණවල ඉහළ යාම බරපතළ ව්‍යසනයක්ව පවතී.

සෑම වසරකම මිලියන 7.6ක් පමණ වන දරුවවෝ මියයති. වසර 2000 සිට 2010 දක්වා මියගිය දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 92කි. දිළිඳුකම, කුසගින්න, සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන රෝග ආදි කරුණු දරුවන්ගේ මරණවලට වගකියන නිහඬ මාරකයන් බවට පත්ව තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ දත්තවලට අනුව, බිලියන 2.5ක් පමණ වන දරුවන්ට සනීපාරක්ෂක පහසුකම් හිඟතා බරපතළ ලෙස බලපා ඇත. බිලියනක පමණ දරුවන්ගේ පැවැත්මට හා වරර්ධනයට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා එකක් හෝ කිහිපයක් නොලැබේ. මිලියන 148ක පමණ දරුවන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙසෙන් අඩු බර සහිත දරුවන්ය. මිලියන 101ක් පමණ වන දරුවන් ප‍්‍රාථමික අධ්‍යාපනය හෝ නොලබයි.

බිළිඳුන් මිලියන 22ක් ප‍්‍රතිශක්තිකරණය නොමැති වීම හේතුකොටගෙන රෝගවලින් ආරක්ෂා විය නොහැකිව සිටියි. 2010 වසර වනවිට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මියයාම් මිලියන 7.6ක් පමණ විය. අලූත උපන් බිලිඳුන් මිලියන 4ක් ඉපදී මාසයක් ගතවීමට පෙර මියයයි. අවුරුදු 15ට අඩු මිලියන 2ක පමණ දරුවන්ට එ්ඞ්ස් රෝගය වැළඳී තිබේ. සෑම වසරකම ගැබිනි සමයේදී හා දරුවන් බිහිකිරීමේදී කාන්තාවන් 500,000ක් පමණ මියයති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්