නවතම පුවත්

වතුකරයේ තරුණ තරුණියන්ට ආරථික අවස්ථා උදාකරනවා – ගෝඨාභය රාජපක්ෂ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සම්ප්‍රදායිකව වතු සංවර්ධනයට පමණක් සීමා නොවී වතුකරයේ තරුණ තරුණියන් හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් තැනකට ගෙනඒම සදහා අමතර ආර්ථික අවස්ථා උදාකිරීමට තමන්ගේ රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

අපේ අනාගතය අපේ අතේ (Our future in our hand) මැයෙන් කදුරට තරුණ තරුණියන් ආමන්ත්‍රණය කිරීමේ සංවාදශීලි විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) මේ බව අවධාරණය කළේය.
වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි මෙම සංවාදයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තරුණ තරුණියන් ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටලු සදහා සංවාදශීලි ප්‍රවේශයක් ලබා ගැනීම විශේෂත්වයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

සාම්ප්‍රදායික වශයෙන් වැඩි අවධානයක් ඉතිහාසය පුරා යොමු කරලා තියෙන්නෙ වතු සංවර්ධනය කරන ආකාරය ගැන පමණයි. මේ වතු සංවර්ධනය කිරීමට දායකවන වතුකරයේ ජනතාව, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් උනන්දු වන්නේ නැහැ. අප වතු සංවර්ධනය කරන අතරේ වතුවල සේවය කරන මේ තරුණ තරුණියන් වගේම ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය වඩා හොද තැනකට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.


ඒ සදහා අපට බොහෝ දෙ කළ හැකියි. අපේ රජයක් යටතේ මේ වතුවල අධ්‍යාපන අවශ්‍යතා සදහා පුළුල් කරමින් පාසල් ගොඩනැගීම, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, වැඩකරන වතු ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීම සදහා අතිරේක ආර්ථික අවස්ථා උදාකරදීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට ගත්තොත් අපට කාබනික වගාව හදුන්වා දෙමින් වැඩි මිලක් ලබා ගැනීමේ අවස්ථා උදාකළ හැකියි.
භූමිය අඩුවෙන් යොදාගන්නා වගා ක්‍රමයන් ඔස්සේ එළවළු ආදි වගා ක්‍රම සදහා යොමුවිය හැකියි, හරිත නිවාස සංකල්පය යටතේ වසරපුරා වගා කළ හැකි ක්‍රම හදුන්වාදීම සහ සංචාරක කර්මාන්තයට අදාල අවස්ථා පුළුල් කරදීම වැනි කටයුතු මුලික වශයෙන් අපට කළ හැකි වෙනවා.
දැන් අපිට හොදටම පේන දෙයක් තමයි කොළඹ ඉදගෙන මාතර යනකොට කොතරම් සංචාරක හෝටල සහ සංචාරක අවන්හල් දක්නට ලැබෙනවාද ? දැන් හිතන්න කොළඹ ඉදන් නුවරඑළියට යනවා කියලා. කොතරම් හෝටල සහ අවන්හල්ද දකින්නෙ. කීයක්ද තියෙන්නෙ. ඒකයි මම කිව්වෙ අපට තවත් අවස්ථාව තියෙනවා නිවැරදි වැඩපිළිවෙලක් යටතේ ඔබගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා.


අනෙක් කාරණාව අප ගැන අනියත බියක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින්නේ එක්තරා දේශපාලන කොට්ටාසයක් ඇත්තටම ඔවුන්ට අවශ්‍යය ඔබව හැමදාම මේ ඉන්න තත්ත්වයෙන්ම තබාගෙන ඔවුන්ගේ දේශපාලන වාසිය ලබාගැනීමටයි. ඇත්තටම අපට බයයි කියලා ඇතිකරන්නෙ මිත්‍යා මතයක්. රටට ආදරය කරන මේ රට දියුණු වෙන්න ඔන කියලා හිතන කිසිම පුද්ගලයෙක් අපට බය විය යුතු නැහැ. බය විය යුත්තේ ඔබව රවටන අනාගතය ගැන බොරු මිත්‍යා පතුරන දේශපාලඥයන් ගැනයි. ඒ නිසා මම මේ තරුණ තරුණියන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගතය දියුණු කරන්න. ඔබේ අනාගතය දියුණු කරගන්න. මා සහ අපේ ප්‍රතිපත්ති සමග එක්වන ලෙස යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්