නවතම පුවත්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම කාටත් වැලැක්විය නොහැකියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ ලේඛනයේ සඳහන් නොවීම ඇමෙරිකාවේ වරදක් බවත් ඔහු ඡන්දයට ඉදිරිපත්වීම වැළැක්වමට කිසිවෙකුට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා මැයි 3 දා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවත් ඔහු අප්‍රේල් 17 දා සිට ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවයි. “2019 ජූනි 30 දිනෙන් අවසන් වුණු කාර්තුවේ ඇමෙරිකානු පුරවැසිකම අත්හළ  පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් වෙබ් අඩවියකට මුදා හැරියා.  පුරවැසිකම අත් හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ ඒ රට වල ඇමෙරිකානු තානාපති කාර්යාලවලයි. ලොව පුරා පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලින් ඇමෙරිකානු  රාජ්‍ය දෙපාර්තමේන්තුවට  තොරතුරු යැවූ අයගේ නාමලේඛණය තමයි ප්‍රසිද්ධ කරලා කියලා සඳහන් තියෙන්නේ. යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ. විශේෂයෙන්ම පුරවැසි කම අත්හල අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනිම සඳහා ප්‍රසිද්ධ කරණ ලේඛණය කිසි සේත්ම අවසානාත්මක සාක්ෂියක් ලෙස සලකන්නේ නෑ.  2019 මැයි 3 දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි කම ඉවත් කරගත් බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. 2019 අප්‍රියෙල් මස 17 වනදා සිට එතුමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව සහතික කර තිබෙනවා.  ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි.  ඒ නිසා ඒ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොමැතිවීම කාට ප්‍රශ්නයක් වුවත් අපට නම් ප්‍රශ්නයක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ද්විත්ව පුරවැසියෙකු බව කවුරු හරි හිතනවා නම් ඒ නිසා එතුමන්ට ජනපති වරනයට තරග කරන්නට බෑ කියලා බෙරිහන් දෙන අයට  කරන්න තිබෙන්නේ එතුමා ජනාධිපති වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් දාලා ඔහු ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කිරීමයි. අඩුම තරමින් නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දී වත් ද්විත්ව පුරවැසියෙක් කියන පදනම මත විරෝධය පළකරන්නට හැකියාවක් නෑ ලංකාවේ ජනාධිපති නීතිය අනුව.  ඒ හැර වෙනත් විකල්පයක් නෑනෙ.  ඡන්දය ඉල්ලීම නතර කරන්න බෑනෙ.  ඒ නිසා බොරුවට කෑ ගැසීමෙන් පලක් නෑ.”
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්