නවතම පුවත්

‘පොහොට්ටුවේ නොවන අය ජනපති අපේක්ෂකත්වයට නෑ‘ – බැසිල්

අසංක

අසංක

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නොමැති බවත් ඒ සදහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමිනි.

ඉකුත් 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන අතර අද දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ හමුව පැවැත්විනි.

එහිදී අදහස් දැක්වූ පළාත්පාලන ආයතන මන්ත්‍රීවරුන් සදහන් කලේ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කිරීමට දේශපාලකයින් පෙළඹී ඇති බවයි.

ඉදිරියේදි සන්ධානගතවන බව සදහන් කරන සමහර පක්ෂවල නායකයින්පවා කිසිදු වගවිභාගයකින් පක්ෂ නායකයින්ගෙන් නොවිමසා සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම අරඹා ඇතැයිද පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නොවන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දිනවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ශාඛා සමිති කිසිසේත් සූදානම් නැතැයි ද එම මන්ත්‍රිවරු අදහස් දක්වමින් පැවසිය.

මෙහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය
“ශ්‍රි ලංකා පොදුජන පෙරමුන ගොඩනැගුනේ ගමෙන්ග පක්ෂයේ නායකත්වය හදන්න කළින් සාමාජිකයා හැදුනු පක්ෂයක්ග ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩ පිළීවෙල සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්ග ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැග ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුනෙන්ග ඒ අපේක්සකයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක්ග ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුවයි”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්