විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විශේෂ විරෝධතා ව්‍යාපාරයක් දියත්කිරීමට සමගි ජනබලවේගය සූදානම් වේ.
ඒ අනුව තම බලවේගයේ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත පැවසීය
විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සිය පක්ෂය බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය
විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන සතිය තුළ සිය පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන්කළේය.