නවතම පුවත්

20 දෝෂ වැඩි නිසා අනුමත කරන්න බෑ – නීතිඥ සංගමය

අසංක

අසංක

20 වෙනි සංශෝධනයේ වගන්ති බහුතරයක් දෝෂ සහිත බැවින් ඊට අනුමැතිය ලබාදිය නොහැකි බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර ඇත.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම සංගමය විසින් පත්කළ කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග මහතා මේ බවමාධ්‍ය වෙත පවසා ඇත.

“20 වෙනි සංශෝධනයේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි. ඒනිසා ඒ වගන්තිවලට අනුමැතිය දිය නොහැකි බවට තමයි නීතීඥ සංගමය තීරණය කළේ” යනුවෙන ඒ මහතා සඳහන් කර ඇත .

එසේම 20න් ජනාධිපතිවරයාට ලැබෙන මුක්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ කිසිම කෙනෙක් නීතියට උඩින් ඉන්න බෑ. ජනතාව අතේ තමයි ස්වෛරීත්වය, ස්වෛරීභාවය තියෙන්නෙ. ඉතිං ජනාධිපතිතුමාගේ නිල ක්‍රියාවක් හේතුකොටගෙන ඒ ස්වෛරීත්වයට හානි වෙනවා නම්, ක්‍රියාවකින් හෝ ක්‍රියාවකින් තොරව කෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් එතකොට සිද්ධ වෙනවා ජනාධිපතිතුමාට එරෙහිව අධිකරණයට ඇවිල්ලා අධිකරණයෙන් සහනයක් ලබාගන්න. ඒ සහනය තිබුණා, දැන් අද වෙනකොටත් ඒක තියෙනවා. ඒ සහනය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

20 පිළිබඳ නීතීඥ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ “ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා, මං හිතන්නෙ සඳුදා අධිකරණයේ පෙත්සමක් ගොනු කරයි. අඟහරුවාදා ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් විමසීම් කරනවා. ඒ අනුව නීතීඥ සංගමය ඉදිරි පියවර ගන්නවා” යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්