චීන රජය විසිවසරකට පසු ප්රථම වතාවට මෙවර , වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කයන් ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත .
කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ එරට ආර්ථිකය ගොඩනැංවීම කෙරෙහි මෙම වසරේ පූර්ණ අවධානය යොමුකිරීමට තීරණය කර ඇති හෙයින් මෙසේ මෙවර ආර්ථික ඉලක්කයන් ඉදිරිපත් නොකරන බව චීන රජය පවසා ඇත.
විශේෂයෙන්ම රැකියා අහිමිවූවන්ට යලි රැකියා සැපයීම හා රටේ ජීවන තත්වය ඉහල නැංවීම කෙරෙහි මෙම වසරේ පූර්ණ අවධානය යොමු කරන බවද චීන රජය සඳහන් කර ඇත.
චීන රජය 1990 වසරේ සිට මේ දක්වා වාර්ෂිකව අඛණ්ඩව තම ආර්ථික වර්ධන ඉලක්ක ඉදිරිපත් කල අතර එම ඉලක්ක බොහෝ විට සපුරා ගැනීමටද සමත්විය