2022 වසරේ, කොරෝනා පැරදවිය හැකියි- WHO

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු රටවල් එක්ව කටයුතු කළහොත් 2022 වසරේදී කොවිඩ් වසංගතය පැතිරීම පාළනය කර එය පරාජයට පත් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් අවධාරණය කර සිටී.
ඒ සඳහා පටු ජාතිකවාදයෙන් සහ එන්නත් රැස් කිරීම්වලින් තොරව කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් මිලියන 287 ඉක්මවා ඇති අතර කොරෝනා ආසාදනය හේතුවෙන් මියගිය පුද්ලයින් ගණන 54 ලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ.

එහෙත් එන්නත් බෙදාහැරීමේ අසමානතාවය අවසන් කළහොත් නව වසරේදී කොවිඩ් වසංගය පාළනය කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සිංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසන්නේ.