ශ්‍රී ලංකාවට එන, චීන ඉන්ධන සමාගම මෙන්න !

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.

දැඩි පියවර නොගතහොත් ආර්ථිකය අගාධයට !

නූතන ආර්ථික අර්බුදයේ අලගිය මුලගිය තැන් පිළිබඳවත් එහි වර්තමාන ස්වරූපය හා අනාගතයේ එම අර්බුදයෙන් මිදිය හැකි ආකාරය පිළිබඳවත් හරවත් සම්මුඛ සාකච්ඡාවක් නොබෝදා අන්තර්ජාලයට මුදා හැර තිබිණි. ‘වයර්’ නම් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන කරන් තපර් මෙහෙවූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පළ කළේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වියතාණෝය.…

වඳුරු උණ සොයා පරීක්‍ෂණ !

මන්කි පොක්ස් හෙවත් වදුර උණ රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ අද සිට මෙරටදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ – තාක්‍ෂණික සේවා, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මන්කි පොක්ස් ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්‍ෂණ මගින් හදුනා ගැනීමේ හැකියාව අද සිට පවතින බවයි.

පොදුරද මඩුළු ක්‍රීඩාවලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක්ම අතුරුදන්

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වනවිට අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බර්මිංහැම්හිදී ඔවුන් අතුරුදන් වී ඇත්තේ සිය තරග අවසානයෙන් පසුව ය. මෙරට ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් වාර්තා කර ඇත්තේ ඔවුන් මෙලෙස අතුරුදන් වූයේ රැකියාවක් සොයාගෙන බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ…

හොර පාරෙන් රට යන්න ගිහින් හිස් අතින් එන ලාංකිකයෝ

මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට දරණ උත්සහ කිරීම් මේ වන විට ඇත්තේ ඉහළ ගොසිනි. නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන කිසිදු අනවසර සංක්‍රමණිකයෙකුට ඕස්ට්‍රේලියාවට පය තැබීමටවත් ඉඩක් නොමැති බව නොදන්නා අහිංසක ජනතාව රවටමින් මිනිස් ඡාවාරම්කරුවෝ මේ ඡාවාරම කරගෙන යන්නේ අතට ලැබෙන මුදල් කුට්ටියට වහ වැටීය. මෙසේ ඉකුත් මැයි මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට…

චීන නැවේ ,ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටී !

මතභේදයට තුඩුදී ඇති ‘යුආන් වැන්ග් 05’ නමැති චීන නෞකාවේ , ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය , චීන රජයෙන් ඉල්ලා ඇත . අගෝස්තු 11 දින මෙරට හම්බන්තොට වරායට ළඟාවීමට දැනට නියමිතව ඇති එම නෞකාව ලබන 17 දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබිණ . කෙසේ වෙතත් මෙම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දීය රජය…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පත් කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත එම වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (05) භාර දෙන ලදි. ඒ අනුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දීමට…

ලබන සතියේ පාසල් පැවැත්වෙන හැටි

නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු වූවද 2022.08.11 වන බ‍්‍රහස්පතින්දා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින්, එම සතිය තුළ පාසල් පැවැත්වීමේදී පහත සඳහන් පරිදි සිදු කෙරේ. එම සතියේ සදුදා, අඟහරුවාදා හා බදාදා දිනවලදී පාසල් පැවැත්වීම සහ සිකුරාදා දින සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක‍්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු…

බත් පැකට්ටුවේ , තේ කෝප්පයේ මිල බසී !

ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවී ඇති බැවින් සහ ලබන සඳුදා ගෑස් මිලත් අඩුවීමට නියමිත බැවින් මෙම තීරණයට එළඹෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

විදෙස් සංචිත පහළට !

2022 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,815 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2022 ජූනි මාසයේ දී දැක්වුණු ඩොලර් මිලියන 1,854 හා සැසඳීමේ දී 2.1% ක පහළ යාමකි. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඩොලර්…

ශ්‍රී ලංකාවට සහය දෙන්න ජගත් සංවිධානය පෙරට එයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. ජනාධිපතිවරයා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක්…

සංචාරක තානාපති “සනත් ජයසූරිය”

ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත්කර තිබෙනවා. ඒ, සංචාරක අමාත්‍යංශය විසින්. මීට අමතරව විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සංචාරක උපදේශක සභාවක් ද පිහිටුවා තිබෙනවා. ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ද ඊයේ සිදු කෙරුණා. නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම මෙහි අරමුණයි.