ශ්‍රී ලංකාව තවදුරටත් , පහල මධ්‍යම අදායම් ලබන රටක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී.

1998 වසරේදී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම කාණ්ඩයට උසස් කෙරිණි.

1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහල මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීමද මෙහි විශේෂත්වයකි.

ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමානයකින් අඩු කර තිබේ.