joe biden over china

ඇමෙරිකාවේ උද්ධමනය ගැන ප්‍රශ්ණකල මාධ්‍යවේදියාට , බයිඩන් කුණුහරුපෙන් බනී ! (Video)

අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැන වැදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත අමෙරිකානු ජනාධිපතිවරයා මේ ලෙස අපහාසාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රියතම නාලිකාව වන ෆොක්ස් රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙක් වෙතය. රටේ පවතින උද්ධමනය සම්බන්ධයෙන් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින් ජනාධිපති…

ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධය උණුසුම්වේ !

  රුසියාවට එරෙහිව අමෙරිකාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ඕනෑම සන්නද්ධ අරගලයකට මේ වන විට සූදානමින් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ, රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් යුක්‍රේන දේශසීමා ආසන්නයට කැඳවීමට තීරණය කර ඇති පසුබිමකය අමෙරිකාව පවසන්නේ ඉතා කෙටි දැනුම්දීමකින් වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීම සඳහා හමුදා බටයින් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවයි.…

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහල නගී !

2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් මෙරට  ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය ලෙස  වාර්තාගතවී ඇත . එසේම එම නොවැම්බරයේදී අඛණ්ඩව  හයවන මාසයටත් එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්ම වූ අපනයන වාර්තාවිය අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 600ට සාපේක්ෂ ව 2021 වසරේ…

ජලයත් හිඟයි – ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !

දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහළ බැස ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය කියා සිටියේ ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. මේ හේතුවෙන් පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතයට ගන්නා ලෙසයි…

ඔමික්‍රෝන්වලින් බේරෙන්න බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රභේදය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසනවා. පෙර පැවති ප්‍රභේද ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්,…

ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය 2022 !

ශ්‍රී ලංකාවේ පුරෝගාමී සංචාරක අධ්‍යාපන ආයතනය වන කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ ආදි ශිෂ්‍ය සංගමය (Alumni ATEHM), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) තරුණ අංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක රැකියා ප්‍රදර්ශනය සහ වෘත්තීය ප්‍රදර්ශනය 2022 පෙබරවාරි 12 වැනි දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. SL Tourism Job…

බූස්ටරේ දෙන්න ජංගම සේවාවක් !

සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය ඇතැම් පිරිස් දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වෛද්‍යවරයා සමාජයේ පැතිර ඇති විවිධ මිථ්‍යා මත මීට බලපා ඇතැයිද ප්‍රකාශ…

වී කිලෝවකට රුපියල් 75ක් දෙන්න රජය සූදානම් !

පෞද්ගලික අංශයත් සමග තරගකාරි ලෙස ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 75කට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (25) පැවති කැබීනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ නමුත් කිසිදු ආකාරයකින් සහල් මිල වැඩිකිරීමකට යොමුනොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම අයුතු ලෙස…

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට බිලියන 40ක් වෙන්කෙරේ !

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන හතළිස් දහසක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව සඳහන් කළේ ය. පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට මෙසේ රජය තීරණයක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…

විදුලි අර්බුදයට හේතුව , මහජන උපයෝගිතා කොමිසම හෙළිකරයි !

මේ වන විට පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව 2014 වසරේ සිට මේ දක්වා විදුලි උත්පාදනයට කිසිදු ප්‍රධාන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි . එහි සභාපති ජනක රත්නායක පැවසුවේ 2016 වසරේදී ඉදිරි වසර 20 වෙනුවෙන් සකස් කළ ජාතික විදුලි ජනන සැලැස්මේ නිර්දේශ පවා ක්‍රියාත්මක කර නොමැති බවය. කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් පවතින තත්ත්වය…

ePaper – Tuesday, January 25, 2021

🔴 ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් 12 අතරට ශ්‍රී ලංකාවත්
🔴 ලංවිමේ බිලියන 93ක ණය පියවන්න ජනපති නියෝග
🔴 ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ
🔴 බූස්ටරේ නොගත් අයට දඩයක්

බූස්ටරේ නොගත් අයට දඩයක්

පැතුම් වික්‍රමරත්න කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය . “යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල මේ ආකාරයෙන් නීතිමය ප්‍රකාරව කටයුතු කරමින් යනවා…