කොරෝනාවටත් වඩා බිහිසුණු වෛරසයක් සොයාගැනේ !

කොවිච්ඩ් වෛරසයේ ව්‍යාප්තිය පළමුව වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් දරුණු ආකාරයේ වෛරසයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටි අලුතින් හඳුනාගෙන ඇති මෙම වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත මෙන්ම වැඩි මරණ අනුපාතයක් ඇති කිරීමට සමත් වන බව චීන විද්‍යාඥයින් පිරිස සිය වාර්තාව මගින් පෙන්වා දෙයි නව වෛරසය සඳහා චීන විද්‍යාඥයින් විසින් NeoCoV ලෙස…

සිමෙන්ති හිඟයට හේතුව මාෆියාවයි !

මේ වනවිට රට තුල සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ හිඟයක් පවතින බව වාර්තාවේ . ආනයනික තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් මෙම හිඟය මෙලෙස බරපතල ලෙස පුළුල්වී ඇති බවද වාර්තාවේ . සිමෙන්ති මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් , එම මාෆියාව විසින් මෙම හිඟය ඇති කර ඇති බවත්  ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරයි

ePaper – Friday, January 28, 2021

🔴 රැල්ලක අනතුර හමුවේ කොවිඩ් නීති ලිහිල් වෙයි
🔴 මෙරට කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ අවසන්
🔴 ලබන 01 වැනිදා තෙක් විදුලිය අඛණ්ඩව
🔴 විදේශිකයන්ට අලුත් කොවිඩ් නීති

අපගේ ක්‍ෂීරපථයේ භ්‍රමණය වන නාඳුනන වස්තුව කුමක්ද ?

ක්ෂීරපථයේ භ්‍රමණය වන විශේෂ ,  නාඳුනන වස්තුවක් තමන් හඳුනාගැනීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් සමත්ව ඇත ඒරට විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් ප්‍රථම වරට සොයා ගන්නා ලද මෙම වස්තුව, සෑම විනාඩි 18 කට වරක් සම්පූර්ණ මිනිත්තුවක් සඳහා විශාල තරංග ආයාමය විදුලි ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත. අපගේ විශ්වයේ ශක්තිය ස්පන්දනය වන වස්තූන් බොහෝ විට නිරීක්ෂණයන් සඳහා…

බටහිරෙන් එල්ලවන පීඩනයට නිසි පිළිතුරු දීමට රුසියාව සූදානම් !

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂක කොන්දේසි ප්‍රතික්ෂේප කරමින්, දැඩි මාවතක් අනුගමනය කළහොත්, ඉතා ඉක්මනින් තමාට එල්ලවන පීඩනයට පිළිතුරු දීමට සිදු වන බව රුසියාව අනතුරු අඟවයි. යුක්රේන දේශසීමා අසල රුසියානු හමුදාවේ යුද ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙන බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති. එවැනි අවස්ථාවක ඇන හිට ඇති යුක්රේන සාම ක්රියාවලිය නැවත පණ ගැන්වීමේ අදහසින්…

රැල්ලක අනතුර හමුවේ කොවිඩ් නීති ලිහිල් වෙයි

* නිරෝධායන කාලසීමාව * පූර්ණ එන්නත්කරණය * ආශ්‍රිතයන් ගැන නීති වෙනස් වෙයි පැතුම් වික්‍රමරත්න කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්. නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත ඊට අනුව රෝහල්ගත කොට සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකු නම් ඔහුට පැවති රෝගී ලක්ෂණ…

මෙරට කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ අවසන්

පැතුම් වික්‍රමරත්න එළඹෙන සතිය ඇතුළත මෙරට බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම්වන  බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන්ද ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැහැදිලි කළේය. “ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත…

ලබන 01 වැනිදා තෙක් විදුලිය අඛණ්ඩව

අසංක නවරත්න ලබන 31 දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර ලබා නොදෙන බව එම කොමිසම පැවසීය. මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මෙසේ ද කීය.…

විදේශිකයන්ට අලුත් කොවිඩ් නීති

පැතුම් වික්‍රමරත්න කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත . එම මාර්ගෝපදේශ මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු ය. මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එහි…

කටාර්හි සේවය කළ ලාංකිකයෙක් වෙඩි තබා මරලා

අසංක නවරත්න දෝහා කටාර්හි හි අල්-වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට පසුගියදා (26) වෙඩි තබා ඝාතනය කර තිබේ. එම නිවාස සංකීර්ණයට එරට තරුණයකු හා කාන්තාවක පැමිණ ඇති අතර ලාංකික ආරක්ෂක නිලධාරියා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇත. සාක්ෂිකරුවන් පැවසුවේ ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීම නිසා ආරක්ෂකයා විසින් ඇතුල්වීම ප්‍රතික්ෂේප කළ බවත්ය. ඉන්පසුව…

ගාල්ලටටත් පෝට් සිටියක්

අසංක නවරත්න ගාල්ල වරාය ආශ්‍රිතවද කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එය ඉදිකරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ගාලු වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් හමුවක් ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ දී පෙරේදා (26) පැවති සම්මන්ත්‍රණයකදී මේ බව හෙළි…

පානදුර රෝහල් ගිලන් රථ රියදුරකුට වෙඩි තැබීමක්

දම්පත් රණසිංහ පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට ඊයේ (27) වෙඩි තැබීමක් සිදුව තිබේ. ගිලන් රථ රියදුරාට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. පානදුර රෝහල පිහිටා ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානයට යාබදවය. සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව පැවසෙන මෙම සිද්ධියේ සැකකරුවන් සිව්දෙනා ගිලන් රථය රෝහල් ගේට්ටුවෙන් ඇතුළු…