CENTRA

IMF වාර්තාව ගැන මහා බැංකුවේ ප්‍රතිචාරය මෙන්න !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම ප්‍රකාශය මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ වාර්තාවේ සඳහන් නිර්දේශ සමහරක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි. මෙම වාර්තාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ දීර්ඝ සහ ගැඹුරු අධ්‍යනයකින් පසුව ප්‍රකාශයට පත්…

රජයේ වියදම්, කෝටි 5300කින් කපාහරින අය වැයක් ළඟදීම !

නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ වියදම් කෝටි 5300 කින් පමණ අඩු කරගෙන ඇති අතර එසේ අඩු කරගෙන ඇති වියදම් අතර ජනාධිපතිවරයාගේ වියදම්ද වේ.

ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් IMF නිකුත් කල වාර්තාව මෙන්න !

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය. කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන්…

IPL අද ඇරඹේ – ලබන වසරේ කාන්තා තරගයකුත්

2022 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංස් නායකත්වයෙන් ඉවත් වීම නිසා අද දිනයේ දී චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රවීන්ද්‍ර ජඩේජායි. කොල්කටා කණ්ඩායමේ නායකත්වය ශ්‍රේයර්ස් අයියර්ටයි හිමිවි තිබේ. තරගය ශ්‍රී ලංකා වේලාවවෙන් අද…

චීනයෙන් සහල් ටොන් 2000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇත , නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි. අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්,…

ශ්‍රී ලංකාවෙන් තවත් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට !

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව පර්යේෂණ මෙහෙයුම් රැසකින් සමන්විත බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න පවසයි . එම නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා දින වන අතර ජාත්‍යන්තර ආයතන 5ක් සමග ඒකාබද්ධව එම නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය කළ බවද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්…

IOC තවත් ගණන් උස්සයි !

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගයේ පෙට්‍රල් වර්ගවල ලීටරයක මිල රු:49 කින් ඉහළ දමන බව ලංකා අයි. ඕ. සී. සමාගම පවසයි . ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.303ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.332ක් වනු ඇත.

ePaper – Saturday, March 26, 2022

🔴 ඩොලරය 300යේ සීමාවට !
🔴 ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !
🔴 කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ
🔴 වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට.

ඩොලරය 300යේ සීමාවට !

පැතුම් වික්‍රමරත්න  ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටිණි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක්…

ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !

පැතුම් වික්‍රමරත්න   පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ හා අද දිනයන් තුල දක්නට ඇති බව අප වෙබ් අඩවියේ වාර්තාකරුවන් පවසයි . ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති…

කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ 

පැතුම් වික්‍රමරත්න  රට තුළ මතුවූ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී ඇති බව වාර්තාවේ . ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟයි. කඩදාසි මිල මිලද දිනෙන් දින ඉහළ යන අයුරු එහිදී දැකගත හැකිවන අතර පවතින තත්ත්වය මුද්‍රණ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපෑ ඇත පවතින කඩදාසි හිඟය හේතුවෙන් ඇතැම් පිරිස් මුද්‍රණ කර්මාන්තයෙන් පවා…

යුක්‍රේන ඉල්ලීමට ජගත් සංවිධානයේ අනුමැතිය .

පැතුම් වික්‍රමරත්න  යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත වි ඇත එහිදී යුක්රේනයේ රුසියානු හමුදා සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් වැසියන්…