ප්‍රශ්නවලට දුන් ඇතැම් විසඳුම් නිසා අලුත් ප්‍රශ්නත් ඇවිත් – මහබැංකු වාර්තාවක් කියයි

ගෙවුණු වසරේදී රට තුළ ආර්ථික අර්බුදය උග්‍ර වූ ආකාරය සහ මේ වනවිටත් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ක්‍රියාත්මක කරනුු ලබන පියවර සම්බන්ධයෙන් සවිස්තර වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ එහි අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අද භාරදී තිබේ. එම වාර්තාව පහතින් දැක්වේ.

මේ මාසයේ උද්ධමනය 30%ට ආසන්න වෙයි

ගෙවුණු මාර්තු මාසයේ මෙරට පැවති උද්ධමනය 18.7%හි සිට අප්‍රේල් මාසයේ දී 29.8%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, මාර්තු මාසයේ පැවති ආහාර උද්ධමනය 30.2%හි සිට අප්‍රේල් මාසයේ දී…

නාමල් විපක්‍ෂනායක ධූරයට ‘මාන බලයි’ !

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් “ස්වාධීන කණ්ඩායම” නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවම වශයෙන්…

දේශපාලකයින් සියලුදෙනා විගණනයකට ලක්කළයුතු බව ජනතාව කියයි!

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ.එම වත්කම් තහවුරු කළ නොහැකිනම්, ඒවා රාජසන්තක කළ යුතු බව මේ ජනතාව විශ්වාස කරයි. මෙම සමීක්ෂණයට අනුව 87.3%ක් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවත් 89.7%ක් පවසන්නේ අග්‍රමාත්‍ය…

ස්වාධීන වූ මන්ත්‍රී පිරිස හා ඉන්දීය තානාපති අතර විශේෂ සාකච්ජාවක් !

රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, හ්‍රී ලංකාවට ඉන්දීය සහය අඛණ්ඩව ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බවයි. අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග රැදී සිටීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉන්දිය ජනතාවට…

අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟවේ !

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ , ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ය. මේ අනුව නව අගමැතිවරයෙකු පත්කිරීමටද ජනපති එකඟවූ බව සිරිසේන මහතා පැවසීය .

රථ වාහන අමතර කොටස් මිල අහස උසට නගී !

රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා. ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි. ඔවුන් පැවසුවේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා මාධ්‍ය වෙත…

මහපාරේ සටන පාර්ලිමේන්තුවේදී පාවා දෙන්න එපා – POP සාමූහිකය විපක්ෂයෙන් ඉල්ලයි…

මහපාරේ සටන පාර්ලිමේන්තුවේ දී පාවා නො දෙන්නැයි පොප් (POP – Power of People) හෙවත් ජන බලය සාමූහිකය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂවලින් ඉල්ලා සිටී. ඒ දොළොස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමිනි. මේ මොහොතේ රට තුළ පවතින බරපතල ආර්ථික, දේශපාලන හා සාමාජීය අර්බුදය සඳහා ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් මැදිහත් වීමට විපක්ෂය වෙත පුරවැසියන් හා වෘත්තිකයින් ලෙස…