ගුවන්තොටුපලවල VIP පර්යන්ත සේවා හෙට සිට අත්හිටුවයි

මෙරට සියලුම ගුවන්තොටුපලවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP ) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන “සේද මාවත” ( CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට (06) දින අලුයම 12.00 සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ…

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 වනදා තෙක් විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ. එමෙන්ම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණි. මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මූදල්…

චොප්පෙ අයියලා සහ හරක් කටාලා !

මරදානේ චොප්පෙ අයියා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම චණ්ඩියෙකි. චණ්ඩියා යනු මැරයෙකු නො වන බව, “චණ්ඩියා”, “චණ්ඩිපුතා”, “චණ්ඩිරැජින”, “චණ්ඩිරජා”, “චණ්ඩි ශ්‍යාමා” වැනි චිත්‍රපටි නාමවලින් ම පැහැදිලි වේ. එක් දිනයක මරදානේ ඇවිද ගෙන යද්දී පොලිස්කාරයෙක් කඩල බේසමක හැප්පුණේ ය. කඩල සී සීකඩ ය. අසරණ කඩල වෙළෙන්දා බිම වැටුණු කඩල හැකි පමණ එකතු කරන්නට පටන් ගත්තේ ය.…

දියවන්නාවේ බාධක බිඳිමින්..

රටේ මතුවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව අද පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුමේ සිදුකරන ලද විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධක පෙරලීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කළ අතර අනතුරුව පොලීසිය මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත. ඡායාරූප – තිළිණ කළුතොටගේ

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ !

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා යලි සීමා පැනවීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටි. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, මෝටර් කාර්, වෑන් රථ සඳහා රුපියල් 8,000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ. බස් සහ ලොරි රථ…

ඉන්දීය ආධාර ගැන මහකොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් !

2022 වසර තුල ඉන්දීය රජය මෙරටට ලබාදී ඇති ආධාර පිලිබඳ විස්තර රැගත් නිවේදනයක් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කර ඇත . එම නිවේදනය පහත දැක්වේ. 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩි ඉන්දීය ආර්ථික සහයෝගය ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ආහාර, ඖෂධ සහ වෙනත්…

ඉන්ධන මිල යලි ඉහලට ?

මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදුකළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුවද මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත…

දරුවන්ට තවත් “ලෙඩක්”

“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන්ගේ දත්තවලට අනුව මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් වාර්තාවී තිබෙනවා. එම දරුවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 300 ක්. ඉන් සැලකිය යුතු පිරිසක් අග්නිදිග ආසියාවෙන් ද වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මැයි මස පළමු සතියේදී…

ගෑස් හිඟය තවත් මාසයක් පවතීවි !

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. නෞකාව එරටින් පැමිණීමට පෙර ගෑස් පිළිබඳ තත්ත්වය පරීක්ෂාවක්…