IOC තෙල් මිල වැඩි කළ කතාව බොරු

අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල ඉහළ යන බවට සමාජ ජාල ඔස්සේ හුවමාරු වන පුවත මුළුමනින්ම අසත්‍ය එකක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි – වහාම කැඳවීමක්

රට තුළ හදිසි නීතිය පැනවීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එබැවින් නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සියලු දෙනා වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ. වර්තමානයෙහි රටතුළ උද්ගතව ඇති ආර්ථික…

ජල ප්‍රහාරක රථය සම්භන්ධව පලවන වාර්තා ‘බොරු’ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය .

ඉන්දීය ණය පහසුකම් යටතේ ,ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයේ ජල ප්‍රහාරක රථයක් ලබාදී නොමැති බවත් ඒ පිළිබඳව පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී . මෙම ඉන්දීය ණය පහසුකම් යටතේ ඉදිරියටත් , ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථ සැපයීමක් කිසිදු ආකාරයකින් සිදුනොවන බව ද මහ කොමසාරිස් කාර්යාලය මෙහිදී…

විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායමේ සහය – සජිත් අගමැති වන ලකුණු !

සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. එම මන්ත්‍රී කණ්ඩායම විසින් අද කැඳවා තිබූ සකච්ජාවකදියි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ. අතර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී ඇත . සජබනායකයින් හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකයින් අතර පවතී සාකච්ජාවලදී මේ එකඟතාව මතුවී ඇත…

ජගත් සංවිධානය හා යුරෝපා සංගමයත් හදිසි නීතියට එරෙහිවේ !

මේ අතර රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කර ඇත . ඒ අනුව යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ මාසය කාලයක් පැවැති මහජන විරෝධතාවලින් පෙන්නුම් කෙරුණු ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහසේ භූක්ති විඳින ආකාරය බවයි. නමුත් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාව…

හදිසි නීතිය පැනවීම රටේ ප්‍රශ්නවලට විසඳුමක් නොවේ !

රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ , හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බවයි.

ඩොලර් බිලියන 200ක් වටිනා මන්නාරම් තෙල් සම්පත අපතේ යවන “අසමත් පාලකයෝ”

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ පවතින බව 2016 වර්ෂයේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ දත්තවල සඳහන්. එය…