නව අගමැති රනිල්ද ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එම පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි . නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත…

හරීන් සජබය අතහරී

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ. අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. රට අර්බුදයකට ගොස් තිබෙන මේ මොහොතේ පක්ෂය තවදුරටත් තීන්දු ගැනීමට කල්මැරීම නිසා මන්ත්‍රීවරයා මෙම තීරණය ගෙන…

ඇඳිරි නීතිය හෙට ඉවත්වී යළි පැනවේ

දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට(12) උදෑසන 7.00 ට ඉවත් කෙරේ. එමෙන්ම හෙට සවස 2.00ට නැවත ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ලබන 13 වෙනිදා උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක ය.

අලුත් අගමැතිවරයෙක් කැබිනට්ටුවක් මේ සතියේ – ජනපති

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිරයා මේ බව කීය. එහිදී ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

CENTRA

ලබන සතියේ සිට , අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වන්න සල්ලි නැහැ – මහා බැංකුව කියයි!

වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උදව් නොවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටිනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිමට පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, ”…

මහ බැංකු අධිපති , ඇමෙරිකානු තානාපතිනිය හමුවේ .

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා හා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර විශේෂ හමුවක් අද දින එම තානාපති කාර්යාලයේදී පැවැත්වින . ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගතහැකි දේශීය සහ බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සම්භන්ධව එක්සත් ජනපදයට සහාය විය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක්වූ බව ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත…

ඉන්දීය හමුදා ලංකාවට එනවද ? මහකොමසාරිස් කාර්යාලය උත්තර දෙයි .

ඉන්දීය රජය , තම හමුදා ශ්‍රී ලංකාවට එවීමට සූදානම් වෙමින් සිටින බවට පලවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී . එම කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ , එම මාධ්‍ය වාර්තාවන් සියල්ලම , ඉන්දීය රජයේ ස්ථාවරයට පටහැණි බවයි .

ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කිසිවෙකු ඉන්දියාවට පලා ගොස් නැහැ !

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මේ වනවිට ඉන්දියාවට පලාගොස් ඇති බවට , පලවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී . ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ , මෙවැනි ව්‍යාජ හා පදනම් විරහිත වාර්තා ,තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි .