ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගැනිමට සමත් වෙයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3 දී කඩුලු 04ත්…

‍එළැඹෙන සතියේ වැසෙන පාසල්වල ගුරුවරුන්ටත් නිවාඩු

හෙට (20) සතියක කාලයක් කොළඹ කලාපයේ සියලුම පාසල් සහ රටේ සියයලුම ප්‍රධාන නගරවල පාසල් වසා තැබෙන අතර එම කාලය තුළදී ගුරුවරුන් පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. ඒ අනුව එම පාසල්වල ආරක්ෂක අංශ හැර අනෙක් කාර්ය මණ්ඩල පැමිණීම අනිවාර්ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කීය. කොළඹ කලාපයේ…

එන – නොඑන නැව් වගේම ඉදිරියේදී තෙල් බෙදන හැටිත් ඇමති කියයි

ඉදිරි දින 3-4 තුළ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ලබන 23 වෙනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් සහ 24 වෙනිදා ඩීසල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම මස 29 වෙනිදා සහ ජුලී මස 10 වෙනිදා බොර තෙල් රැගත් නෞකාවන් දෙකක්…

IMF කණ්ඩායමක් හෙට සිට ලංකාවට

ජාත්‍යන්තර අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් හෙට(20) සිට 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අපේක්ෂාවයි. මැයි 9 සිට මැයි 24 දක්වා කාලය තුළ සිදුකළ ඔන්ලයින් සාකච්ඡාවලදී ලබා ගත් ප්‍රගතිය මත පදනම්ව IMF ණය ලබා දීමේ වැඩපිළිවෙලක් මගින් ආධාර කළ හැකි…