ශ්‍රී ලංකා රුපියල වෙනුවට අලුත් මුදල් ඒකකයක් !

ශ්‍රී ලංකාව තුළ XOR  නීත්‍යානුකූල මූල්‍ය ඒකකයක් ලෙස සම්මත කරන ලෙස SORA  ප්‍රජාව ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත ලිපියකින් ආරාධනා කර සිටී. පසුගිය සතිඅන්තයේ දී මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකම සම්පූර්ණ පිටුවක් ආවරණය වන ලෙස දැන්වීම් පළ කරමින් මෙම ආරාධනය කිරීමට SORA ප්‍රජාව කටයුතු කර තිබෙනු දැකගත හැකිය. මෙහිදී ඔවුන් පවසන්නේ XOR නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමත් සමඟ භාණ්ඩ හා සේවා සඳහා මෙන්ම…

ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුවලංකා හොස්පිටල්ස් ඇකඩමිය ඔස්සේ සැපයීමට අදාළ සහයෝගිතා ගිවිසුමටදෙපාර්ශ්වය පසුගියදා එළඹිණි. ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනයේ සුවිශේෂසංධිස්ථානයක් ලෙස NSBM හරිත සරසවිය සහ ලංකා හොස්පිටල්ස් ඇකඩමිය පැමිණිමෙම සහයෝගිතා ගිවිසුම හැඳින්විය හැකිය. හෙද ක්ෂේත්‍රයේ අනාගතය උදෙසාදැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ හෙද හෙදියන් පිරිසක් සැබෑ සායනිකපරිසරයක් තුළ නිර්මාණය කිරීම මෙම සහයෝගිතා ගිවිසුමේ…

ඇමෙරිකානු බැංකුවක් , ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට !

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියෙකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන එක්සත් ජනපදයේ Hamilton Reserve Bank Ltd විසින් මෙලෙස අධිකරණමය ක්‍රියාමාර්ගයට පිවිස ඇත්තේ අදාළ බැඳුම්කර සඳහා අදාළ කල්පිරීමේ මූලික හා පොලී මුදල් සම්පූර්ණයෙන් ගෙවන…

රාජ්‍ය සේවකයින්ට විදෙස්ගතවීමට විශේෂ අවසරයක් !

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත . ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත…

හිරුණිකා අගමැති නිවස ඉදිරිපිට දී රනිල්ගේ වාසගම වෙනස් කරයි

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් කාන්තා සංවිධානවල පිරිසක් සමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළට ගොස් විරෝධතාවයක නිරත වේ. ලිපියක් බාරදීමට පැමිණි බව කියමින් ඔවවුහු විරෝධතාවේ නිරත වෙති. අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බවත් ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු…

8 වන ජාත්‍යන්තර යෝගා දිනය ශ්‍රී ලංකාවේදීත් සැමරේ !

8 වැනි ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය) ඊයේ (21) දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී දැවැන්ත උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ග (ආචාර්ය) සුසිල් ප්‍රේම ජයන්ත, අධ්‍යාපන අමාත්‍ය; ගරු. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික…

ගෝලීය ආහාර අර්බුදයට රුසියාව වගකිව යුතුද?

අද වන විට ලෝකයේ රටවල් ගණනාවක් විසින් වර්තමානයේ පවතින ආහාර අර්බුදය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කිරීමට කටයුතු කරමින් සිටී. එලෙසම කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළවල ඇති සියලු සෘණාත්මක ප්‍රවණතා, ආහාර ලබා ගැනීමේ ප්‍රවේශය සම්බන්ධයෙන් වන බිඳ වැටුණු අපේක්ෂාවන් සහ ගොවීන්හට සිදුවන විශාල පාඩු සඳහා අපේ රට වගකිව යුත්තන් බවට පත් කිරීමට උත්සාහ කරන බව පෙනී යයි. ඇතැමුන්…

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රබලම දුම්රිය වැඩවර්ජනය ඇරඹේ !

ඉදිරි මාස කිහිපය තුළ බ්‍රිතාන්‍යය පුරා දරුණු ලෙස පැතිරිය හැකි වෘත්තීය ක්‍රියාමාර්ග වලට මග පෑදීමට තුඩු දෙන වැටුප් සහ රැකියා පිළිබඳ අවිනිෂ්චිතතාවය හේතුවෙන් දස දහස් සංඛ්‍යාත සේවකයන්ට රැකියාවලින් ඉවත්ව යාමට සිදුවනු ඇතැයි විවිධ සංවිධාන විසින් පුරෝකථනය කර තිබිණි. එම පුරෝකථනයන්ට සමගාමීව පසුගිය වසර 30ක ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යයේ කරනු ලැබූ විශාලතම දුම්රිය වර්ජනය ඊයේ( 22 )…

විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගන්නේ කෙසේද ?

ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විශාල පුනර්ජණනීය බලශක්ති ප්‍රභවයන් පද්ධතියට එකතු කළ යුතු බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසයි . මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පූර්ණ වියදමෙන් සියයට 90 ක් මේවනවිට පොසිල ඉන්ධන සඳහා වැය කරන බවයි.

ඉහල උද්ධමන තත්වය තවත් වසර දෙකහමාරක් පවතීවි !

පවතින ඉහල උද්ධමනකාරී තත්ත්වය තවත් වසර දෙකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි . මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා රජය විසින් සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. පවතින උද්ධමන වේගය ඉදිරියේදී ස්ථාවර තත්ත්වයකට පත්වුවත්, වැඩිවූ භාණ්ඩ…

30 වසරකට පසු අලුත්වූ ක්‍රිකට් වාර්තාව !

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති සිව්වන එක්දින තරගයේ දී ඔවුන්ව ලකුණු 04කින් පරාජය කරමින්. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට සමත් වුවා. ඒ වසර 30කට පසු සිය මව් බිමේදී…

අමෙරිකාවෙන් තවත් ආධාරයක් !

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 05යි දශම හතයි පහක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ක්ෂනික අවශ්‍යතා සදහායි. මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 06ක සහ ඩොලර් මිලියන 120ක මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි කොළඹ පිහිටි…