නවතම පුවත්

2025 වනවිට ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සැලසුම්

අසංක

අසංක

2025 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වසර නම්කර ඇත්තේ ජාත්‍යන්තර ළමා ශ්‍රමය තුරන් කිරීමේ වර්ෂය ලෙසය.

එහි මූලාරම්භයක් ලෙස මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය තුළදී ළමා ශ්‍රමය තුරන් කිරීමට අදාළ පනත් 4ක් සංශෝධනය කළ බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දෙයි.

ස්ත්‍රීන් තරුණ ප්‍රජාව, ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත, අවම වේතන (ඉන්දියානු කම්කරු) පනත, සාප්පු හා කාර්යාලයීය සේවකයන් සහ වේතනය පිළිබද පනත, කර්මාන්තශාලා පනත මේ අයුරින් සංශෝධනයට ලක්ව ඇති අතර එහිදී මෙතෙක් පැවති වයස අවුරුදු 14ට වැඩි දරුවන් රැකියාවේ යෙදවීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළ දමා මේ වනවිට එය නීතියක් බවට පත්කර ඇත.

එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ පාසල් නොයන පාසල් වයසේ පසුවන දරුවන් 2% පාසල් අධ්‍යාපනයට යොමුකිරීමට අපේක්ෂා කරන බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කළේය.

ලෝක සම්මුතීන් සමග ශ්‍රී ලංකාව ද බැදී පවතින බැවින් ළමා ශ්‍රමිකයින් වැඩිවශයෙන් සිටියදී මෙරටට ආධාර ලැබීමේදී එය ගැටලුසහගත වන බවත් එබැවින් එය රටේ ආර්ථිකයට ද බලපාන කරුණක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

ළමා ශ්‍රමය තුරන් කිරීම මෙන්ම ළමා ශ්‍රමිකයන් බිහිවීමට හේතු සොයාබලා ඒවාට විසදුම් ලබාදීම ද අතිශය වැදගත් කරුණක් කොට සළකා ක්‍රියාකරන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්