නවතම පුවත්

2025 වන විට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% නිපදවනවා – ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි වසර හතර  ඇතුලත මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සැපයීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කර සිටී

ඒ අනුව 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටද සහතික වන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කර ඇත .

දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධානම පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් 10ක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා එළඹ සිටින අතර වර්තමානයේදී රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයන්හි ඖෂධ අවශ්‍යතාවයෙන් 24%ක් සම්පූර්ණ කිරීමට, ඒ හරහා හැකිවී තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ . එමගින් වාර්ෂිකව රට තුළ ඉතිරි වන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වන බව ද ගණන් බලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම් ප්‍රකාරව, දේශීය ඖෂධ නිෂ්පාදකයෝ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 88ක් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටිති. 2014 වසරේදී එම ගිවිසුම ඇති කරගනු ලැබුවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යංශවල සහයෝගීතාවයෙනි. ඒ හරහා දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 10%ක් සම්පූර්ණ කරගැනීම මූලිකව අරමුණු කෙරිණි. මෙම සමාගම් 10 හරහා වාර්ෂිකව අපනයනය කෙරෙන ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉලක්කය වී ඇත්තේ වර්ෂ 2025 වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සපුරාලීම ය. ඒ යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් දේශීයව නිපදවීමටත්, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදෙස් විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළ ඉතිරි කරගැනීමටත් අපේක්ෂිත ය. ඊට අමතරව එම කාලය තුළ සෑම වසරකම ඩොලර් මිලියන 100ක විදෙස් විනිමය ප්‍රමාණයක් ඖෂධ අපනයනය හරහා රටට උපයා දීමටත්, 2030 වසර වනවිට එම ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමටත් සංගමය බලාපොරොත්තු වේ.

ඖෂධ පෙති වර්ග, කරල්, දියර ඖෂධ, ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන්ස්, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් කැප්සියුල්, මාත්‍රාව මැන බැලිය හැකි ඉන්හේලර්, නේසල් ස්ප්‍රේ, කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, ආලේපන වර්ග, සහ ඩ්‍රයි පවුඩර් ඉන්ජෙක්ටබල් ආදී විවිධ ඖෂධ වර්ග නිපදවීමේදී මෙම අන්තර්ජාතික සබඳතා ද මහත් සේ ප්‍රයෝජනවත් වී ඇත. විශේෂයෙන්ම කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, සෙෆලෙක්සින් කැප්සියුල්, සෙෆලෙක්සින් ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන් බෝතල් සහ ආඝ්‍රාණය කිරීමට ගන්නා මාත්‍රාව මැනිය හැකි ඩ්‍රයි පවුඩර් කැප්සියුල් ආදිය ඒවාටම වෙන් වූ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්