නවතම පුවත්

2050 දී ලෝක ජනගහනය බිලියන 10ට ආසන්න වෙයි

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලෝක ජනගහනය 2050 වසර වනවිට බිලියන 9.7කට ආසන්න වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මෙම සියවස අවසානය වනවිට එය බිලියන 11ක් ඉක්මවනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.

2019 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 7.7ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇතත් එය අඩුවීමක් ද පෙන්නුම් කරයි.

මෙම වාර්තාව නම් කර තිබුණේ ජනගහනය පිළිබද ජාත්‍යන්තර සමුළුවේ ක්‍රියාකාරී වැඩසටහනේ සමාලෝචනය හා ඇගයීම, සංවර්ධනය සහ එහි දායකත්වය හා තිරසර සංවර්ධනයක් සදහා 2030 න්‍යායපත්‍රයේ සමාලෝචනය හා පසුවිපරම යනුවෙනි.

මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණේ ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් සදුදා පැවැති එක්සත් ජාතීන්ගේ ජනගහන හා සංවර්ධන කොමිසමේ 52 වැනි සැසිවාරය වෙතය.

‘ලෝක ජනගහනය වර්ධනය වීම හමුවේ ස්වභාවික සම්පත් හා පරිසර පද්ධතිවලට අතිරේක පීඩනයක් අපේක්ෂා කෙරේ.’ යනුවෙන් ද වාර්තාවේ සදහන් වේ.

ලෝක ජනගහනය විශාල, වයස්ගත, නිතර වෙනස්වන සහ පෙරට වඩා වාණිජමය සංකේන්ද්‍රණයක් වන බව ද එම වාර්තාව පවසයි.

පහත දැක්වෙන්නේ අද තත්ත්වය හා 2050 වසර වනවිට ලෝක ජනගහනය වැඩිවන ආකාරය පිළිබද රූප සටහන් කිහිපයකි.

මූලාශ්‍ර: ෂිංහුආනෙට්. ෆෝබ්ස්, යුනයිටඩ් නේෂන්ස්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්