නවතම පුවත්

21 වන සියවස සඳහා ශ්‍රී ලංකාව සමග නව ආර්ථික සහයෝගීතාවයක් ගොඩනැංවීමට ඉන්දියාව සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තිරසාර මෙන්ම  වේගවත් සංවර්ධනයක් සහ පොදු සෞභාග්‍යයක් ළඟා කරගැනීම උදෙසා  ශ්‍රී ලංකාව සමග නව  ආර්ථික සහයෝගීතාවයක්  ගොඩනැගීමට ඉන්දියාව සූදානම් බව මෙරට  ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී

මෙම  අනාගත ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගිතාවය වැඩි වශයෙන් වරාය, නාවික කටයුතු, සම්බන්ධකතාවය, කාර්ය සම්පාදනය (logistics),පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ ආගන්තුක සත්කාරය, යන ක්ෂේත්‍ර හරහා ගොඩනැංවීමට ඉන්දියාව අපේක්ෂා කරන බවද,  ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ  ,ඉන්දියාව වෙනුවෙන්ම  වෙන්වූ   සැසිය අමතමින් බග්ලේ මහතා පැවසීය

එසේම ප්‍රවාහනය, දේපල වෙළඳාම, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර වෙතද ඉන්දීය රජය අවධානය  යොමු කරන බව මහකොමසාරිස්වරයා  පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජනයන්ගේ විස්තීරණ ස්වභාවය සහ පරිමාව ගෙනහැර දක්වමින් මහ කොමසාරිස්වරයා මෙහිදී  පෞද්ගලික අංශයේ සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කළේය. භූගෝලීය ආසන්නතාවය, හුරු පුරුදුකම සහ දිගු කාලීන සම්බන්ධතා පිළිබඳව සැලකීමේදී ඉන්දීය ව්‍යාපාර සහ කර්මාන්ත ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීම ඉතා  සුදුසු බවද ඒ මහතා  ප්‍රකාශ කළේය.

ද්විපාර්ශවික ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළින් ආයෝජන විශ්වාසය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවෙනු ඇතැයි සඳහන් කළ ඒ මහතා . ආර්ථික අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ස්ථායි සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තීන් ඉතා වැදගත්වන බවද පැවසීය

කලාපීය සහයෝගීතාවය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙන්ම  ඉන්දියාවේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිලූක කඳුරුගමුව මහතා සහ CCC හි උප සභාපති විෂ් ගෝවින්දසාමි මහතා ද මෙම සැසිය ඇමතූහ.

සාර්ථකව ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරත HCL, IOCL (LIOC) සහ අශෝක් ලේලන්ඩ් යන ඉන්දීය සමාගම් තුනෙහි නියෝජිතයන්ගෙන් සහභාගීත්වය සහිත මණ්ඩල සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර මහතා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් සහ ආයෝජකයන් සඳහා අදාළ නියාමන සහ බදු රාමුව පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේය. සැසිය අතරතුර පැවති මණ්ඩල සාකච්ඡාවේදී ඒ සඳහා සහභාගී වූ ඉන්දීය සමාගම් තුන ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන අත්දැකීම් බෙදාගත් අතර විශේෂයෙන්ම වසංගතය විසින් මතු කර ඇති අභියෝග හමුවේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට ඔවුන් ගන්නා ප්‍රයත්නයන් පිළිබඳව අදහස් දැක්වීය.

 

 Country session on India at Sri Lanka Investment Forum 2021

A country session dedicated to India was held on 9 June 2021 in virtual format at the Sri Lanka Investment Forum (SLIF) 2021 organized by the Board of Investment (BoI) of Sri Lanka, the Ceylon Chamber of Commerce (CCC), and the Colombo Stock Exchange. The dedicated session comprised remarks by several dignitaries including High Commissioner of India Gopal Baglay and State Minister for Regional Cooperation Tharaka Balasuriya, as well as a panel discussion involving representatives of three Indian companies with successful ongoing investments in Sri Lanka – HCL, IOCL (LIOC), and Ashok Leyland.

2. In his remarks, High Commissioner emphasized India’s readiness for an economic partnership for 21st century to usher in sustained and rapid growth and shared prosperity. He underlined that future of economic and commercial bilateral partnership could focus on areas such as ports, shipping, connectivity, logistics, energy/renewable energy, IT, tourism and hospitality, transport, real-estate, health, education and agriculture.

3. Outlining the comprehensive nature and scope of Indian investments in Sri Lanka, High Commissioner underlined the importance of private sector participation and noted that Indian business and industry are perhaps the best suited to partner with Sri Lanka by the virtue of proximity, familiarity, and longstanding ties between the two sides. He mentioned that expedited implementation of bilateral projects would enhance investor confidence and boost economic growth. Stable and predictable policies were identified as being the key for promotion of economic interactions.

4. Minister Tharaka Balasuriya spoke about significant Indian investments in Sri Lanka and highlighted various sectors and projects in Sri Lanka that could be of interest for Indian investors. Areas outlined by him included automobile components, apparel industry/fabric parks, IT sector, pharmaceuticals, and education. He also thanked India for its support in terms of medical supplies related to Covid-19, specially the supply of vaccines under the Vaccine Maitri Programme. Acting High Commissioner of Sri Lanka to India Mr. Niluka Kadurugamuwa and Mr. Vish Govindasamy Vice-Chairman of CCC also spoke at the country session.

5. Mr. Pasan Wanigasekara, Director General of BoI of Sri Lanka gave a presentation on investment opportunities in Sri Lanka along with the regulatory and tax framework for investors. During the panel discussion, the three Indian companies shared their investment experience in Sri Lanka and spoke about their efforts to expand the business in Sri Lanka, specially in context of the challenge posed by the pandemic.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්