නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇගවීම මගහැරුණේ අකුණු ගහන නිසාලු – කොමිසමේදී හෙළිවූ දේ

අසංක

අසංක

පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාව වැඩිකරන ලෙස කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ප්‍රහාරයට පෙර දින රාත්‍රි 7.21ට පමණ කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාට දැනුම් දී තිබී ඇතැයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනපති කොමිසම හමුවේ අද අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේම තමා යටතේ සිටින පොලිස් ස්ථාන 8ක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීමට තමාට නොහැකි වූයේ අකුණු සහිත කාලගුණික තත්ත්වයක් තමන් පදිංචිව සිටි කඩුවෙල ප්‍රදේශයේ පැවැති නිසා යැයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා සාක්ෂි දෙමින් පැවැසීය.

එහෙත් තමන් පසුදින අලුයම පොලිස් ස්ථානාධිපතිවරුන් තමාට දෛනික වාර්තාව ලබාදෙන අවස්ථාවේදී ඒ බව දැනුම් දී නිසි ආරක්ෂක පියවර ගන්නා ලෙස පැවසුවේ යැයි ද ඔහු සදහන් කළේය.

එහෙත් මෙයට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන් කොළඹ උතුර කොට්ඨාශයට අයත් ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, දෙමටගොඩ, මෝදර, ජම්පටා යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු සදහන් කර සිටියේ කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිස් අධිකාරිවරයා තමන්ව දැනුවත් නොකළ බවය.

ඒ ගැන කොමිසම පොලිස් අධිකාරිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සදහන් කරනු ලැබුවේ එම නිලධාරීන් කොමිසමට අසත්‍ය පවසා ඇති බවය.

එසේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තමාව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් නොකළ බව ද ඔහු සදහන් කළේය.

පාස්කු මෙහෙයුම් පැවැත්වෙන 21 වැනිදා ආරක්ෂාව තර කිරීම කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට පැවසූ බව සංජීව බණ්ඩාර මහතා කොමිසමට ප්‍රකාශ කර ඇත.

එම පල්ලිවලට දහස් ගණනක් ජනතාව පැමිණෙන බැවින් රන්මාල කඩාගැනීම් සිදුවන බැවින් හා ජම්පටා වීදියේ පාතාල කල්ලි අතර ගැටුම් පවතින බැවින් එසේ ආරක්ෂාව වැඩිකරන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට කී බව තමා සිතු බව ඔහු කොමිසමට පවසා තිබේ.

එහෙත් නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් පතිනායක කොමිසම හමුවේ මෙයට පෙර සාක්ෂි ලබාදෙමින් සදහන් කර තිබුණේ කතෝලික දේවස්ථානවලට 20 රාත්‍රිය හෝ 21 වැනිදා ප්‍රහාරයක් එල්ලවීඹට නියමිතව තිබෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීමට පියවර ගත් බවය.

20 වැනිදා රාත්‍රියේ තමාට පොලිස් ස්ථානාධිපතිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීමට නොහැකි වූයේ අකුණු සහිත කාලගුණික තත්ත්වයක් නිසා බව සංජීව මහතා පවසා ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුමෙන් පසු පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ රාජකාරි ජංගම දුරකතනයට ඇමතුම් කිහිපයක් ලැබී ඇති බවත් ඔහු ඔහු ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බවත් දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තාවෙන් අනාවරණය වන බව කොමිසම හමුවේ හෙළිවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්