නවතම පුවත්

කළු සල්ලි ගැන දුර්වල නීති ඇති රටවල් අතරට ශ‍්‍රී ලංකාවත් – යුරෝපා සංගමය මැදිහත් වෙයි

අසංක

අසංක

මුදල් විශුද්ධිකරණ විරෝධී සහ ත‍්‍රස්ත විරෝධි මුල්‍ය රාමුවේ අඩුපාඩු පවතින ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් සම්බන්ධයෙන් විශේෂ නීති රෙගුලාසි පැනවීමට යුරෝපා කොමිසම පියවර ගෙන තිබේ.

ත‍්‍රස්තවාදී මුල්‍ය අවදානම්වලින් සහ මුදල් විශුද්ධිකරණය (කළු සල්ලි සුදු කිරීම) වළක්වමින් යුරෝපා මුල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව යුරෝපා කොමිසම එම පියවර ගෙන ඇත්තේ පසුගිය 13 වැනිදා ය.

මෙම ලැයිස්තුගත කිරීම නිසා සිදුවන්නේ යුරෝපා මුදල් විශුද්ධිකරණ විරෝධී නීතිවලට යටත් එම රටවල සියලුම බැංකු සහ සෙසු ආයතනවලින් මින් ඉදිරියට මුදල් ගනුදෙනුවලදී වැඩිදියුණු කරන ලද (කාර්ය සාධන වාර්තාවක්) දීර්ඝ හා දැඩි කොන්දේසි සහිත ප‍්‍රශ්නාවලියක් දෙපාර්ශ්වය අතර හුවමාරු කිරීමට කටයුතු සැලැස්වීමය.

මේ අනුව අදාළ ලැයිස්තුවේ අඩංගු රටවල් මුල්‍ය ගනුදෙනු සිදුකරද්දී කිසියම් අවදානමකට මුහුණ පාන්නේ නම් මෙම කාර්ය සාධන වාර්තාව තුළින් හදුනාගත හැකි වනු ඇතැයි යුරෝපා කොමිසමේ අදහසයි. මෙම රටවල මුල්‍ය හුවමාරු සම්බන්ධයෙන් පූර්ණ හා සමීප අධීක්ෂණයකට ලක්කිරීමට ද එම කොමිසම කටයුතු කරනු ලබයි. ‘අප සකස් කර ඇත්තේ ලොව දියුණුතම මුදල් විශුද්ධිකරණ විරෝධී ප‍්‍රමිතියක්. නමුත් අනෙක් රටවලින් කළු සල්ලි පිළිබද හදුනාගැනීමේ හැකියාවක් මීට පෙර අප සතුව තිබුණේ නෑ. සංවිධානාත්මක අපරාධයක සහ ත‍්‍රස්තවාදයේ ජීව රුධිරය වන්නේ කළු සල්ලි. අපි මේ ලැයිස්තුගත රටවලින් ඉල්ලා සිටින්නේ තම රටේ මූලෝපායන් සම්බන්ධයෙන් වහාම පිළියම් යොදන ලෙසයි. එම රටවල් සමග ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට යුරෝපා කොමිසම සුදානම්.’ යැයි යුක්තිය, පාරිභෝගික හා ලිංගභේද සමානාත්මතාව පිළිබද කොමසාරිස් වේරා ජවුරෝවා පවසයි.

මෙලෙස ලැයිස්තුගත කර ඇති රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, අමෙරිකානු සැමෝවා, බහමාස්, බොට්ස්වානා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඝානාව, ගුආම්, ඉරානය, ඉරාකය, ලිබියාව, නයිජීරියාව, පාකිස්ථානය, පැනමාව, පුඑර්ටෝ රිකෝ, සැමෝවා, සෞදි අරාබිය, ශ‍්‍රී ලංකාව, සිරියාව, ටි‍්‍රනිඩෑඩ් හා ටුබැගෝ, ටියුනීසියාව, එක්සත් ජනපද වර්ජින් දූපත්, යේමනය යන රටවල් ය.

යුරෝපා කොමිසම පවසන්නේ මෙම රටවල් ලැයිස්තුව සම්බන්ධයෙන් වන රෙගුලාසි ඇතුළත් වාර්තාවක් යුරෝපා පාර්ලිමේන්තුවට සහ යුරෝපා කවුන්සිලයට ඉදිරිපත් කරන බවයි.

එහිදී ද මේ පිළිබද සාකච්ඡ කොට ලැයිස්තුවෙන් රටවල් ඉවත් කිරීමේ අදියරක් ලෙස එහිදී කටයුතු කරන බව යුරෝපා කොමිසම පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව ඇතුළුව මෙම ලැයිස්තුවේ රටවල් යුරෝපා සංගමයේ රෙගුලාසි අනුව කටයුතු කරන්නේ ද යන වග සමීපව අධීක්ෂණය කරමින් දිගටම එම කොමිසම මෙම රටවල් සම`ග කටයුතු කරන බව එම කොමිසම පෙන්වා දෙයි.

අනතුරුව ඒ ඒ රටවල්වල ප‍්‍රගතීන් සම්බන්ධයෙන් සමාලෝචනය කරන බවත් එම කොමිසම පැවැසීය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්