ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනි විශාලතම තනි කොටස් ගනුදෙනුව අද පෙරවරුවේ සිදුකෙරිණ . ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි, දෙවැනි විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ බ්රෝගා හිල් ආයෝජන සමාගම ( Broga Hill Investments Ltd) විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද පෙරවරුවේ විකුණා දැමිණ
මෙහිදී Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.
මෙහි ගැණුම්කරු ද විදෙස් අයෝජකයෙකු වන බවටද වාර්තාවේ.