නවතම පුවත්

‘සිරකරුවන්ටත් ඡන්දෙ දාන්න දෙන්න’ -කැෆේ සහ මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි

අසංක

අසංක

ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය බලධාරීන්ගෙන් ඉල්ලයි.

එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කර තිබේ.

සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇත.

එය බරපතල ලෙස මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද දැක්වෙයි.

ලොව බෙහෝ රටවල සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදී ඇති බව ද එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේද අනුගමනය කළ යුතුව ඇති බව අදාල ලිපිය මඟින් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වලට සිටින සමස්ත සිරකරුවන් ප්‍රමාණය 25000 ඉක්මවයි.

ඒ අතර සිටින ඡන්ද අයිතිය ඇති පිරිසට ඡන්අද අයිතිය අහිමි වී අති බවත් එහි සඳහන් වෙයි.

අදාල බන්ධනාගාර තුළ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඡන්දය ප්‍රකාශ කිරීමෙ අවස්ථාව ඔවුන් වෙත ලබාදිය හැකි බව සදහන් කරන කැෆේ සංවිධානය සහ ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය එහිදී ඇතිවිය හැකි ප්‍රායෝගික දුෂ්කරතා අවම කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් රජය සතු විය යුතු බව සඳහන් කරයි.

ප්‍රායෝගික හා තාක්ෂණික ගැටළු හුවා දක්වමින් සිරකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීම කිසිදු අයුරකින් සදාචාර සම්පන්න නොවන බවද අදාල ලිපියේ සඳහන් වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්