2500 නොදුන්නොත් ලංගම වර්ජනයක්!

Picture of අසංක

අසංක

2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අවධාරණය කර සිටී

ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට 2018.09.04 වන දින හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා හා හිටපු සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රවාහන බලධාරීන් සිය සියලූම වෘත්තීය සමිතිවලට ලිඛිතව පොරොන්දු ලබාදී ඇතත් මේ වනතුරු එය ක්‍රියාවට නඟා නැතැයිද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පැවැති රජයේ බලධාරින්ගෙන් අවස්ථා හතරකදී ද වත්මන් මුදල් ඇමැතිවරයාගෙන් එක් අවස්ථාවක දී ද මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස ලිඛිතව ඉල්ලීම් කළේ යැයි එහි සඳහන් වේ.