නවතම පුවත්

මේ වසරේ ආර්ථික වර්ධන වේගය ගැන අනාවැකියක්

අසංක

අසංක

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2020 දී 3.5% ඉක්මවා යනු ඇති බව ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලය පුරෝකථනය කර සිටී.

කෙසේ වෙතත් දැනට පවතින් ආර්ථික අර්බුදවලින් මිදී , වඩාත් යහපත් මට්ටමකට පැමිණීම සඳහා , ශ්‍රී ලංකාව ඉදිරි වසර පහ තුළ 7% ක වර්ධන වේගයක් අත්පත් කරගත යුතු බවද ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ. .

එම වර්ධනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් පරිභෝජනයේ ඉහළයාම මත පදනම් වනු ඇති බවද ආර්ථික හා අංශ සමාලෝචන සහ පුරෝකථනය – 2020‘ යන මයෙන් නිකුත් කල ඇති මෙම වාර්තාවේ දැක්වේ.

-2020 වසර සඳහා වන ගෝලීය ආර්ථික දැක්ම යහපත් වන නමුත් එය අස්ථාවර විය හැකි බවද ‘,- ආර්ථික වර්ධනයේ ප‍්‍රගතිය ළඟා කර ගැනීමේදී ස්ථායිතාවයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිබවද මෙහි දක්වා ඇත.

ඒ අනුව වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා ප‍්‍රධාන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළ යුතු බවද මෙමගින් නිර්දේශ කර ඇති බවද වාර්තාව පිලිබඳ පැහැදිලි කිරීමක් කරමින් වාණිජ මණ්ඩල මහලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙහිදී වාණිජ මණ්ඩලයේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ 2020 වසර සඳහා වූ වාර්තාව සම්පාදනය කිරීමේදී ආර්ථික වර්ධනය පිළිබඳව කරුණු බෙහෙවින් සැලකිල්ලට ගත් බවයි.

මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සහ වාර්තාව එළිදැක්වීම, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා, ආසියානු සුරැකුම්පත් සමාගමේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා, වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනි අබේසිංහ මහත්මිය, සහ ෆිච් රේටිංස් ලංකා ආයතනයේ ජාතික ප‍්‍රධානී මනින්ද වික‍්‍රමසිංහ මහතා යන අයගෙන් සමන්විත සාකච්ඡාවකින් අනතුරුව සිදුකෙරිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්