නවතම පුවත්

පාසල් සිසුන්ගෙන් 5%ක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා

අසංක

අසංක

අපේ රටේ පාසල් දරුවන්ගෙන් සියයට 05 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතාකරන බව හෙළිවී ඇත.

පාසල් දරුවන් මතින් මුදා ගැනීම සදහා පාසල් ප්‍රජාව බලගැන්වීම සදහා ඉදිරියේදී කෙරන වැඩ සටහනක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් එක්ව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සදහා ඉසුරුපායේදී පැවැති වැඩ මුළුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශයකින් මෙම තොරතුරු අනාවරණය වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම වැඩමුළුවේදී සදහන් කරන්නේ අපේ රටේ පාසල් දරුවන් 230982 දෙනෙක් හෙරොයින්, ගංජා, මත්පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතා කරන බව වාර්තා වන බවය.

නිෂ්චිත සංඛයාවක් සදහන් කරමින් ඔහු එම දත්තයන් හී මූලාශ්‍රය ලෙස සදහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවය.

අපේ රටේ පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගණන හතලිස් එක් ලක්ෂයකි.

අධයාපන අමාතයාංශයේ 2018 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව සමස්ත පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගණන 4165964 දෙනෙකි.

සියයට 05 කට වඩා දරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පෙනී යන්නේ සමස්ත පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංඛ්‍යාව දේශබන්දු මහතා විසින් හෙළිකළ සංඛ්‍යා දත්ත සමග ප්‍රතිශතයක් ලෙස සැසදීමේදීය.

මෙහි ඇති බරපතල කම වන්නේ මෙය නොව, මේ කියන සංඛ්‍යාවට වඩා දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නට හැකි බැවිණි.

පළමු ශ්‍රේණියේ සිට හය වැනි ශ්‍රේණිය දක්වා දරුවන් මේ කියන මත්ද්‍රව්‍ය භාවිතා කරන ගොන්නට ඇතුලත් කළ හැකිදැයි ඇත්තේ ගැටළුවකි.

එසේම පාසල් පද්ධති තුළින් ලැබෙන තොරතුරුවලට අනුව නම් මත්ද්‍රව්‍යවලට යොමුවී සිටින්නේ පාසලේ 09 වන ශ්‍රේණියෙන් ඉහළ පත්තිවල දරුවන්ය.

ඒ ගැන පාසල් මට්ටමින් හෝ වෙනයම් ආකාරයකට නිසි සමීපක්ෂණයක් මෙතෙක් සිදුවී නැතත් කරුණු ගවේශණයේදී පෙනී යන්නේ 10 සහ 11 ශ්‍රේණීවල දරුවන් දරුණුවටම මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නන් අතර වැඩි වශයෙන් සිටින බවය.

වැඩි වශයෙන් මෙම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇතැයි ගවේශෂයේදී හෙළිවන්නේ උපකාරක පන්ති හරහාය.

මත් ද්‍රව්‍ය භාවිතයට වැඩි වැඩි වශයෙන් හුරුවී ඇත්තේ ගම්බද පාසල් දරුවන්ට වඩා නාගරික පාසල්වල දරුවන්ය.

නාගරික පාසල් පද්ධතිය තුළ දරුවන් පාසලට පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙනවිත් පාසල තුළම මත්ද්‍රව්‍ය භාවිතා කරන අවස්ථාද මේ වන විට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අතර රටේ නමගිය ජනප්‍රිය පාසල්ද නැතුවාම නොවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්