නවතම පුවත්

යාපනේ අයට කොරෝනා නැත්නම් ඇඳිරිනීති කාලය කෙටිවෙන ලකුණු

අසංක

අසංක

යාපනයට කොවිඩ් 19 වෛරසය රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයාට නිරාවරණය වූ පුද්ගලයින්ට වෛරසය ආසාධනය වී නැති බව ලබන 29 වෙනිදා වන විට තහවුරු වුවහොත් යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පනවනු ලැබූ ඇදිරි නීතිය බොහෝ දුරට ලබන 30 වෙනිදා අවසන් කිරීමට හැකිවනු ඇතැයි යාපනයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ බලධාරීන් විශ්වාස කරති.

යාපනයට පනවා තිබුණු ඇදිරි නීතිය හෙට (27) උදෑසන 6.00 සිට දහවල් 12.00 දකවා පැය 6.00 කට ඉවත් කිරීමට මුලින් තීරණය වී තිබුණත් එය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරනු ලැබුවේ කොවිඩ් 19 වැලදුණු ස්විස් දේවගැතිවරයාගේ යාපනය සංචාරය මුල්කරගනිමිනි.

එම දේවගැතිවරයාගෙන් වෛරසය වැලදුණු බවට සැකකරන එක් රෝගියෙන් මේ වන විට යාපනයේ ප්‍රතිකාර ගනු ලබන අතර දේවගැතිවරයා සමග සම්බන්ධ වූ පුද්ගලයින් 250 ක් පමණ මේ වන විට වැඩි නිරෝධායන කටයුත්තට යොමුකර ඇත.

දේවගැතිවරයා මෙරටින් පිටව ගොස් ඇත්තේ ඉකුත් 15 වෙනිදාය. මෙතෙක් ඔහුගෙන් වෛරසය වැලදුණු බවට හදුනාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කළේය.

මේ වන විට යාපනය දිස්ත්‍රික්කය තුළ අවධානයට ලක්ව ඇත්තේ දේවගැතිවරයාගෙන් කොවිඩ් 19 වෛරසය පැතිරයාම ගැන බවත් ලබන 29 වෙනිදා වන විට ඔහු මෙරටින් පිටව ගොස් දින 14 ක් ගතවන බවත් ඔහු සදහන් කළේය.

මේ කාලය තුළ එම දේවගැතිවරයා සමග සම්බන්ධකම් පැවැත්වූ දැනට නිරෝධායනය වන පුද්ගලයින් අතරින් කිසිවෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාධිත නොවුණොත් බොහෝ විට යාපනයට පනවා ඇතිඇදිරි නීතිය ලබන 30 වෙනිදා ඉවත් කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකිවනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් යාපනයේ සෞඛ්‍ය අංශ , රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඊයේ (25) සවස විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බව ඔහු පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්