නවතම පුවත්

තර්ස්ටන් එක්දින තරගයත් ජයගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී ඊයේ (3) නිමා වූ සහෝදරයන්ගේ සංග්‍රාමයේ 39 වැනි එක්දින සීමිත පන්දුවාර තරගයේ දී ලකුණු 139ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.

දෙවිදුහල් අතර පැවති වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ ජයග්‍රහණය ද තර්ස්ටන් ක්‍රීඩකයින් සතු වූ අතර අද නිමා වූ එක්දින තරගයේ එක් කුසලානයක් හැරෙන්නට අනෙක් සියලුම කුසලාන දිනා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉසිපතන ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 117ක් පමණි.

තර්ස්ටන් ඉනිම ආරම්භ කළ යොහාන් ලියනගේ සහ ජයවිහාන් මහවිතාන තම කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරමක් යෙදීමට සමත් වූහ. යොහාන් ලියනගේ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කළේය.

තර්ස්ටන් ඉනිම ගොඩ නැගීමේ දී ජයවිහාන් මහවිතාන වැඩි දායකත්වයක් දැක්විය. ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තේ ය. පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව ඔහු පෘතුවි තාරුක (10) සහ නිමේෂ් පෙරේරා (10) එක්ව ද තර්ස්ටන් ඉනිම ගොඩනැගීමට සමත් වීම කැපී පෙණුනි.

අංජු කරුණානායක ද තර්ස්ටන් ඉනිම වෙනුවෙන් පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් රැස් කළේය.

තර්ස්ටන් ඉනිම මේ තරමින් ශක්තිමත් කිරීමේ දී රනේෂ් සිල්වා සහ බවන්ත ජයසිංගේ දායකත්වය වඩාත් වැදගත් විය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැගූහ. එය තර්ස්ටන් ඉනිමේ කඩුලු අතර හොඳම ලකුණු සබඳතාව ද විය.

තර්ස්ටන් ඉනිම අවසන් වෙන විට රනේෂ් සිල්වා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා ගනිද්දී බවන්ත ජයසිංහ පන්දු 35ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී තෙවිඳු දික්වැල්ල ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව රවිඳු රත්නායක සහ සවිඳු උත්සර කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දැවැන්ත පෞද්ගලික ඉනිම් කිහිපයක උවමනාව තිබුණ ද එය ඉටු කිරීමට කිසිදු ක්‍රීඩකයෙක් සමත් වූයේ නැත. ඔවුන් අතුරින් හොඳම ඉනිම වාර්තා කළේ අනුප ප්‍රනාන්දු ය. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගැනීමට සමත් වූයේ රවිඳු රත්නායක (10), ලෙශාන් අමරසිංහ (18) සහ කාලික් අමත් (13) ය.

කඩුලු ලබා ගැනීමේ දී අවිශ්ක කෞෂල්‍ය ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව සඳරු ඩයස් සහ ශාලක බණ්ඩාර කඩුලු 2 බැගින් දවා ගත් අතර බවන්ත ජයසිංහ සහ අයේස් හරෂණට කඩුල්ල බැගින් හිමි විය.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ඉසිපතන විද්‍යාලයේ ලෙෂාන් අමරසිංහ නම් කෙරුණු අතර අනෙකුත් සම්මාන සියල්ලම දිනා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අවිශ්ක කෞෂල්‍ය ද, දක්ෂතම පිතිකරු ලෙසින් රනේෂ් ද සිල්වා ද සහ තරගයේ වීරයා ලෙසින් ජයවිහාන් මහවිතාන ද නම් කෙරුණි.

තර්ස්ටන් විද්‍යාලය; කඩුලු 5ක් දැවී 256 (50) යොහාන් ලියනගේ 24, ජයවිහාන් මහවිතාන 83, අංජු කරුණානායක 20, රනේෂ් සිල්වා නොදැවී 65, බවන්ත ජයසිංහ නොදැවී 27, තෙවිඳු දික්වැල්ල 3/55

ඉසිපතන විද්‍යාලය; සියලුම දෙනා දැවී 117 (36) ලෙශාන් අමරසිංහ 18, අනුප ප්‍රනාන්දු 27, අවිශ්ක කෞෂල්‍ය 3/37, සඳරු ඩයස් 2/14, ශාලක බණ්ඩාර 2/08

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්