නවතම පුවත්

“මේ වසංගතය අවසානයේ , මුළු ලෝකයම එකමුතු විය යුතුයි” – මීහායිල් ගොර්බචෝව්

අසංක

අසංක

 

(සෝවියට් රුසියාවේ හිටපු ජනාධිපති මීහායිල් ගොර්බචෝව් මහතා , සාමකාමී ප්‍රජාත්නත්‍රවාදය ප්‍රචලිත කිරීමට වෙහෙස වුවෙකු ලෙස සැලකේ . ශීත යුද්ධය අවසන් කිරීමට ඔහු දැක්වූ දායකත්වය අගයමින් නොබෙල් සාම ත්‍යාගයෙන් පවා, ඔහු පිදුම් ලැබීය .
කොරනා වසංගතයෙන් පසු ලෝකය යන මාතෘකාවට අදාලව ඒ මහතා ජාත්‍යන්තර ටයිම් සඟරාවට සැපයු ලිපියක පරිවර්තනයක් පහත දැක්වේ.)

අප ජීවත් වන ලෝකය කෙතරම් ඉක්මනින් , කෙතරම් පහසුවෙන් කැඩී බිදී යා හැකිද යන්න , ගෙවී ගිය මාස කිහිපය තුල අපට හොඳින්ම අවබෝධ විය .
මේ වන විට කොරෝනා වසංගතය ලොව සෑම රටකටම පාහේ තර්ජනයක් , අනතුරක් බවට පත්ව ඇත . කිසිදු රටකට තනිවම එම අර්බුදය ජයගැනීමට නොහැකි තත්වයක් අද උදාව ඇත.

අද දවස තුල අප ඉදිරියේ ඇති මූලිකම හා වහාම ජයගත යුතු අභියෝගය වී ඇත්තේ කොරෝනා වෛරසය නමැති බිහිසුණු සතුරා පරාජය කර දැමීමයි .නමුත් ඒ සමගම අප , කොරෝනා වසංගතයෙන් පසුව උදාවන හෙට දවස ගැනත් සිතිය යුතුමය .

බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් පසුව , මේ ලෝකය , පෙරට වඩා බොහෝ වෙනස් වනු ඇති බවකි . නමුත් ඒ වෙනස කොයි ආකාරයේ වෙනසක් විය හැකිද ? එය තීරණය වන්නේ ,එය රඳා පවතින්නේ මෙම වසංගත සමය තුලින් අප ලබාගන්නා අත්දැකීම් මතය , ඉගෙන ගන්නා පාඩම් මතය .

1980 මැද භාගයේදී න්‍යෂ්ඨික අවි තර්ජනයට අප සැම මුහුණ දුන අයුරු මට තවමත් හොඳින් මතකය . එය අපගේ පොදු සතුරා බවටත් , එය අප සැමටම තර්ජනයක් වන බවටත් ඒ මොහොතේ සියලු දෙනාම අවබෝධ කරගත්හ . න්‍යෂ්ඨික යුද්ධයක් කිසිලෙසකින් කිසිවකුට ජයගත නොහැකි බවටත් , එවැනි යුද්ධයක් කිසිලෙසකින් ආරම්භ නොකළයුතු බවටත් සෝවියට් සංගමයේ හා ඇමෙරිකාවේ නායකයින් එක්ව ප්‍රකාශයට පත්කරන ලද්දේද ඒ අනුවය .
න්‍යෂ්ඨික අවි පිටුදැකීමේ පළමු ගිවිසුම පැමිණියේ ඉන් අනතුරුවය . එම ගිවිසුම් හා ඒහා බැඳුනු විවිධ පියවරයන් හරහා මේ වනවිට එම අවි ගබඩාවලින් 85% ක්ම විනාශ වී ඇතත්, න්‍යෂ්ඨික අවි තර්ජනය නම් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත .

එසේම දරිද්‍රතාවය සහ අසමානතාවය, පරිසරය දූෂණය , පෘථිවිය හා සාගරයේ ක්ෂය වීම, සංක්‍රමණික අර්බුද වැනි අභියෝගද පෙරටත් වඩා තර්ජනාත්මකව තවමත් අප හමුවේ ඇත , එහෙත් ඒ සියල්ල අතර අද දවසේ රෝග හා වසංගත යන මේ නව තර්ජනයද ඉතාමත් බරපතල ලෙස අප ඉදිරියේ ඇත . ලොව පුරා සියලු දෙනා විවිධාකාර ලෙස එකිනේකාට සම්භන්ධව ඇති මෙවන් යුගයක එවන් රෝග හා වසංගත පෙර නොවූ විරු ලෙස වේගවත්ව පැතිරයාමේ අනතුරක්ද මේ වනවිට මතුව ඇත.

මේ නවතම අනතුරට දක්වන ප්‍රතිචාරය හුදෙක්ම ජාතික මට්ටමේ ප්‍රතිචාරයක් නොවිය යුතුය යන්න මගේ අදහසයි .
මේ වනවිට මෙම කොරෝනා වසංගත අර්බුදයට අදාලව දුෂ්කරතම හා තීරණාත්මක තීන්දු ගැනීමේ වගකීම ජාතික ආණ්ඩු විසින් තනි තනිව දරමින් සිටින බවක් පෙනේ . නමුත් මෙම අනතුර ජයගැනීමට අදාළ පුළුල් තීරණයන් සමස්ත ලෝක ප්‍රජාවම එක්ව එකමුතුව ගත යුතුව ඇත.

කෙසේවෙතත් සමස්ත ලෝක ප්‍රජාවටම පොදුවූ උපාය මාර්ග හා ඉලක්ක ක්‍රියාවට නැංවීමට හා ගොඩනැංවීමට අප තවමත් අපොහොසත්ව ඇත. එම තත්වය ඉතිහාසය පුරා අප අත්විඳි ගැටලුවකි .

2000 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි පොදු උපාය මාර්ගයක් සැකසීමට පියවර ගත් බවක් අපට මතකය . ඒ සහශ්‍ර සංවර්ධන ඉලක්ක ලෙසිනි . නමුත් එම වැඩපිළිවෙලේ ප්‍රගතියද අප සියලු දෙනා බලාපොරොත්තුවූ මට්ටම වෙත ලඟා වූයේ නැත .

වර්තමානයේ මතුව ඇති මෙම වසංගත අර්බුදය හා එහි ප්‍රතිවිපාක වඩාත්ම අහිතකර ලෙස බලපා ඇත්තේ දුප්පත් ජනතාවටය . ලොව තුල පවතින දරිද්‍රතාවයේ හා අසමානත්වයේ ගැටලුව මේ හරහා තවදුරටත් උග්‍රවී ඇත.

අප මේ මොහොතේ වහාම සිදුකලයුතුව ඇත්තේ ආරක්‍ෂාව පිලිබඳ සමස්ත සංකල්පය ගැන නැවත සිතා බැලීමයි , සීත යුද්ධයෙන් අනතුරුව පවා අප බොහෝ දෙනෙක් මෙම ආරක්ෂාව පිලිබඳ සංකල්පය දෙස බැලුවේ හමුදාමය , එනම් මිලටරිමය දෘෂ්ඨි කෝණයකිනි .. එහිදී අපට හැමවිටම අසන්නට ලැබුනේ අවි ආයුධ , මිසයිල , ගුවන් ප්‍රහාර ආදිය ගැන සිදුකෙරෙන කතාබහයි

වර්තමාන ගෝලීය අර්බුද සඳහා යුධ අරගලවලින් අවිආයුධ වලින් විසදුම් ලබාදිය නොහැකි බව මේ වනවිට පැහැදිලි වෙමින් ඇත. ඇත්තෙන්ම යුද්ධයක් යනු පරාජයේ සලකුණකි . දේශපාලන අසාර්ථකත්වයේ ප්‍රතිඵලයකි .

අපගේ සැබෑ ඉලක්කය විය යුත්තේ මානව ආරක්ෂාව තහවුරු කිරීමයි . ඒසඳහා ආහාර ජලය හා පිරිසිදු පරිසරයක් ජනතාවට ලබාදීම මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීමද අතිශය වැදගත්ය . එම අරමුණු , ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අප නිසි පරිදී සූදානම් විය යුතුය , උපාය මාර්ග ගොඩනැගිය යුතුය , සැලසුම් සකස් කල යුතුය , එසේම සංචිතයන් නිර්මාණය කර ගත යුතුය.

නමුත් රාජ්‍යයන් තවදුරටත් යුධ අරගල හා අවි ආයුධ වෙනුවෙන් මුදල් අපතේ හැරියහොත් මේ සියලු උත්සාහයන් අසාර්ථක වනු ඇත . එනම් මානව ආරක්ෂාව තහවුරු කිරීම , යතාර්ථයක් නොවනු ඇත.

එම නිසා මා නැවත නැවතත් අවධාරණය කර සිටිනුයේ ජාත්‍යන්තර දේශපාලනය , දේශපාලන චින්තනය හැකිතාක් හමුදාකරණයෙන් , මිලටරීකරණයෙන් මුදවා ගත යුතු බවය.

මෙම කරුණ සම්භන්ධව ජාත්‍යන්තර මට්ටමින් සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ , විශේෂ සැසියක් කැඳවන ලෙස මා ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. වත්මන් අර්බුදකාරී තත්වය යම් ස්ථාවරත්වයකට , පත්වූ වහාම මෙම සැසිය කැඳවිය යුතු බවටද මා යෝජනා කරනවා.

මේ සැසිය තුලදී ප්‍රධානතම හා මූලිකම අවධානය යොමුවිය යුත්තේ වත්මන් ගෝලීය න්‍යාය පත්‍රයන් පූර්ණ වශයෙන් සංශෝධනය කිරීම කෙරෙහිය .විශේෂයෙන්ම මෙහිදී යුධ වියදම් සියයට 10 ත් 15ත් අතර ප්‍රමාණයකින් කප්පාදු කිරීමට ලෝක නායකයින් අතර එකඟතාවයක් ඇති කර ගත යුතු බවට මා යෝජනා කරනවා.

මානවයාට වඩාත් හිතකරවූ නව ශිෂ්ඨාචාරයක් ගොඩ නැංවීමේ පළමු පියවර ලෙස ඔවුන්ට සිදුකල හැකි අවම කාර්ය භාරය වන්නේද එයම බව මා ලෝක නායකයින්ට සිහිපත් කරදීමට කැමතියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්