නවතම පුවත්

එංගලන්ත සංචාරය 2021 ජනවාරි වලට කල් යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග 2 කින් සමන්විත වූ මෙම තරගාවලිය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියද කෝවිඞ් – 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දැමීම නිසා එංගලන්ත කණ්ඩායම ආපසු සියරට බලා ගියේය. කෙසේ වෙත් ඒ වන විට එංගලන්තයේත් කෝවිඞ් -19 වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබූ අතර තම තමන්ගේ පවුල්වල සහ සමීපතමයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද එංගලන්ත ක්‍රීඩකයෝද මහත් සන්තාපයෙන් සිටියහ.

කොරෝනා වයිරසය එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් තිබියදී එංගලන්ත ක්‍රීඩකයන් සිටියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් නොව මහත් මානසික පීඩනයෙන් බව එංගලන්ත නායක ජෝ රූට් බී.බී.සී. පුවත් සේවයට පවසා තිබිණ.

“මේ ක්‍රීඩකයන් දිහා බැලුවාම කියන්න පුළුවන්., ඔවුන්ගේ හිත තිබුණේ වෙන කොහෝදෝ තැනක කියලා. ඔවුන් හිතමින් හිටියේ තමන්ගේ පවුලේ උදවිය සහ තමන් ආදරය කරන අය ගැනයි….. ඒත් දැන් අපට ආපසු ගිහිල්ලා ඒ ගොල්ලන් එක්ක ඉන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝ ක්‍රීඩකයන්ට සහනයක් වෙලා තියෙනවා”

“මේ තීරණයත් සමග කිසියම් සහනදායි බවක් දැනුණා. නිවැරදි තීරණය අරන් තිබෙනවා” යයි තරගවලිය කල්දමා නැවතත් එංගලන්තයට යාමට තීරණය කිරීම සම්බන්ධයෙන් එංගලන්ත නායක ජෝ රූට් පසුගිය මාර්තු මාසයේදී බී.බී.සී. පුවත් සේවයට පැවසීය.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීනය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කණ්ඩායම් 5 අතරට එක්ව සිටී. ඒ වසර එක හමාරකට පමණ පසුව අත්කරගත් දියුණුවකි. නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 91 ක් ලබා 5 වැනි ස්ථානයේද, එංගලන්තය ප්‍රසාද ලකුණු 105 ක් ලබා 4 වැනි ස්ථානයේද සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. එංගලන්තය එහි 4 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

“කල්දමන ලද ප්‍රධාන තරගාවලි දෙකක් වෙනුවට අලුත් දින යොදාගැනීම සම්බන්ධයෙන් අප සාකච්ඡා කරමින් සිටිනවා. එකක් එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය…. අනෙක දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය”

“එංගලන්ත කණ්ඩායමට නම් ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී මෙහේ එන්න පුළුවන් තරමේ විවේකයක් තියෙනවා… ඒත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ගෙන්වා ගන්න දින වකවානු හොයන්න ඕන” යයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබන (ජූනි) මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියේය. තවමත් නිල වශයෙන් කල්දමනු ලැබ ඇතැයි ප්‍රකාශයට පත්කර නැතත් බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන්ද පවතින්නේ තරමක අවිනිශ්චිත තත්ත්වයකි. කොරෝනා වසංගතය පහව යාමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් කාර්යබහුල වීම ඊට හේතුවයි.

දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත විය. ලබන ඔක්තෝබරයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් තරගාවලියක් වුවද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය කල්දැමීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොතිබිණ.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මාසයේ සිට නැවත ආරම්භ කිරීමට හැකිද යන්න සොයා බලමින් සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.
“දැනට අපේ තක්සේරුව වෙන්නේ ජූලි මාසයේදී විතර දේශීය ක්‍රිකට් තරග ආරම්භ කරන්න පුළුවන් කියලයි….. ඒත් තවත් සති දෙකක් විතර ගියාට පස්සෙ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් නැවත සලකා බලන්න වෙනවා. මොකද දැන් තියෙන තත්ත්වය ගැන කාටවත් කල්තියා අනාවැකි කියන්න බැරි නිසා” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්