නවතම පුවත්

නාවික හමුදා සාමාජිකයින්ට තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

කොවිඩ් 19 ආසාධනය වී සුවය ලැබූ නාවික පුද්ගලයින් රාජකාරි කටයුතු සඳහා යොමු කිරීමට ප්‍රථම තවදුරටත් විවේක ගැන්වීම සඳහා නාවික හමුදාව ගෙනයන වැඩපිළිවෙලට දායක වෙමින්, නාවික හමුදා පුද්ගලයින් හට විවේක ගැනීමට යොදා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ඉල්ලීමක් මත පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන්ට අයත් ඉඩමක ඉදිකර ඇති හෙයියන්තුඩුව, මාබිම ප්‍රදේශයේ පිහිටි මෙම තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කර ඇත.

මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් නාවික හමුදාව වෙත 2020 මැයි මස 01 වන දින සිට ලබා දීමට කටයුතු කර ඇති අතර, මේ වන විටත් එම මධ්‍යස්ථානය තුල නාවික පුද්ගලයින් 72ක පිරිසක්  විවේක ගන්වා තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

රට තුල ඇතිවී තිබෙන තත්වය මත නාවික හමුදාව සිදුකරන කාර්යභාරය වෙනුවෙන් පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ලබදෙන මෙම සහයෝගය නාවික හමුදාව විසින් ඉතා අගය කොට සලකනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්