නවතම පුවත්

ලංකාවේ 79%ක්ම අඩුආදායම්ලාභීන්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 79.9%ක් අඩු ආදායමක් ලබන ජනතාව බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඒම සමීක්ෂණයට අනුව මෙරට 15.3%ක් මධ්‍ය ආදායම් ලබන්නන් බවත් 3.4%ක් ඉහළ මධ්‍ය ආදායම් ලබන්නන් බවත් හෙළිවී ඇත.

මෙරට සිටින ඉහළ ආදායම් ලබන්නන්ගේ ප්‍රතිශතය 0.5%ක් පමණ වන අතර දිළින්දන් ඒහි දෙගුණයක් වන 1.2%ක් පමණ වන බව ද මෙහිදී අනාවරණය වී තිබේ.

ලොව පුරා රටවල ජනතාව ආදයම් තත්වය මත වර්ගීකරණය කරමින් ‘පිව් සමීක්ෂණ මධ්‍යස්ථානය’ මගින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ඔවුන් අවසන් වරට නිකුත් කරන ලද වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

ඔවුන් මෙහිදී පදනම් කරගෙන තිබුණේ 2001 සිට 2011 වසර දක්වා වන කාලයේදී විවිධ රටවල ජනතාවගේ ආදයම් තත්වයන්ය.

මෙම සමීක්ෂණය සදහා ඔවුන් දත්ත ලබාගෙන තිබුණේ ලෝක බැංකුව හා ලක්ෂම්බර්ග් ආදායම් අධ්‍යයන දත්ත මගිනි.

මෙම සමීක්ෂණයේදී ඔවුන් දිළිදු යැයි වර්ගීකරණය කර තිබුණේ දිනකට ඩොලර් 2කටත් වඩා අඩු ආදයම් ලබන ජනතාවයි.

ඒමෙන්ම දිනකට ඩොලර් 2ත් 10ත් අතර ආදායම් ලබන ජනතාව අඩු ආදායම්ලාභීන් ලෙස වර්ගීකරණය කර තිබුණි.

ඩොලර් 10ත්-20ත් අතර ආදායම් ලබන්නන් මධ්‍ය ආදායම්ලාභීන් ලෙස ද ඩොලර් 20ත්-50ත් අතර දිනක ආදායම් ලබන්නන් ඉහළ මධ්‍ය ආදායම්ලාභීන් ලෙස ද සළකා තිබුණි.

ඉහළ ආදායම් ලබන ජනතාව ලෙස මෙහිදී සළකා තිබුණේ දිනකට ඩොලර් 50කට වඩා ආදායම් ලබන පුද්ගලයන් ය.

මෙම සමීක්ෂණයට අනුව ලොව පුරා 71%ක් පමණ අඩු ආදායම්ලාභීන් ලෙස සමීක්ෂකයන් පෙන්වා දී තිබේ.

මූලාශ්‍ර – ජාත්‍යන්තර පිව් සමීක්ෂණ මධ්‍යස්ථානය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්