නවතම පුවත්

21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්

අසංක

අසංක

21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තේරීපත්වී තිබේ.

මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය සුබපැතුම් එක්කර ඇත.

2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් මෙලෙස 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් ඔහු තරග 85ක දී ලබාගත් කඩුළු 573 ම ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ ලබා ගෙන තිබේ.

මෙම කාලය තුළ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණි.

ඇන්ඩර්සන් එහිදී කඩුළු 584ක් ලබාගෙන ඇත්තේ තරග 151කට ක්‍රීඩා කරමින් ය.

එම නිසා මුරලිට මෙම අවස්ථාව හිමි වී තිබේ.

ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභී පන්දු යවන්නා වන මුරලි ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැඳී සිටි ක්‍රීඩකයා ද වීම විශේෂත්වයකි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්