නවතම පුවත්

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම මේ වසරේදී ඉහළට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මෙම වසරේ මුල් මාස දෙක තුල සියයට 7කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

ඒ අනුව 2019 වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272 ක් වන බවද එම වාර්තාවේ දැක්වේ.
පසුගිය පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය 252,033 ක් ලෙසින් සටහන් වන අතර එය 2018 පෙබරවාරි මාසයේ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය වූ 235,618 ට වඩා 7% ක ඉහළ යාමකි.

2019 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ සුපුරුදු පරිදි අසල්වැසි ඉන්දියාවෙනි. එය 32,914 ක් ලෙසින් වාර්තා වුවද 2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී එය 1.9% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

මේ අතර එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 8.8% කින් 29,750 ක් දක්වා 2019 පෙබරවාරි මාසයේ දී ඉහළ ගොස් තිබේ. මෙහිදී චීන සංචාරකයින්ගේ 22% ක පහළ යාමක් 2019 පෙබරවාරි මාසයේ දී වාර්තා වීම කැපී පෙනෙන සිදුවීමකි.

එක්සත් ජනපදය (61.7%), ඕස්ට්‍රේලියාව (54.8%), කැනඩාව (61.8%) යන රටවලින් පැමිණි සංචාරකයින්ගේ සුවිශේෂී ඉහළ යාමක් 2019 පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්