නවතම පුවත්

IS ත්‍රස්තයන් සමග සබඳකම් තිබූ පාස්කු ප්‍රහාර සැකකරුවකු ගැන විනිසුරුවරයෙක් මංගලට-සාගලට කලින්ම කියලා

අසංක

අසංක

 

 

ISIS ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු ගැන යහපාලන ආණ්ඩුවේ මංගලම් සමරවීර හා සාගල රත්නායක යන මහත්වරුන් පෞද්ගලිකව දැනුවත් කළත් ප්‍රහාරය වනතෙක් ඒ ගැන අවධානය යොමු නොකළ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී සඳහන් විය.

එවකට මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

නීතිය හා සාමය පිළිබදව ඇමතිවරයා වූයේ සාගල රත්නායක මහතායි.

මේ බව හෙළිකළේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේද මේ ගැන ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාවක් ඉල්ලා සිටියද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊට අවස්ථාවක ලබා නොදුන් බවද ඔහු කීය.

මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඔහු පැමිණ තිබුනේ ඔහු විසින් කොමිසමට කළ ඉල්ලීමකින් පසු ස්ව කැමැත්තෙනි.

ඒ බව සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා තහවුරු කළේය.

ගෆූර් මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ 2015 සිට 2019 වසර දක්වාවා කාලය තුළය.

තමන්ට උසස්පෙළ අධ්යාපනය ලබාදුන් ගුරුවරියක විසින් 2016 වසරේදී දුරකතන ඇමතුමක් ලබාදී තම පුත්‍රයා වන වයස 23ක් පමණ වන ” ආශික් ” නැමැත්තා ISIS සංවිධානය සමග සබදතා පවත්වන බව පැවසූ බව ඔහු කීය.

එම ගුරුවරිය තම පුතුට ඉන් ඉවත් වන ලෙස පවසා ඇතත් ආශික් නැමත්තා ” ඔබවත් මරන්න මට ඉහලින් නියෝග තිබෙනවා ” ලෙස මවට මරණ තර්ජන එල්ල කර ඇතැයි සාක්ෂිකරු කීය.

මෙම තත්ත්වය හමුවේ තමාට ද තර්ජනයක් එල්ලවීමට ඇති ඉඩ වැඩි බව තමාට වැටහීම නිසා ඝෘජුවම ඔහු සමග මේ ගැන කතාබහ කිරීමට නොගිය බව සාක්ෂි දෙමින් පැවැසීය.

ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් දැනුවත් කර යම් පියවරක් ගැනීමට තමා තීරණය කළ බවද විනිසුරුවරයා පැවැසීය.

එබැවින් තම ඥාතියකු හරහා එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බව ඔහු කීය.

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දේශපාලකයකු හමුවීමට ගියේ මන්ද යන්න කොමිසම එහිදී සාක්ෂිකාරුගෙන් විමසා සිටියේ ය.

ඔහු එහිදී කීවේ ” ඒ කාලේ හරිම භයානකයි. ඒ දවස්වල තිබුන තත්තවය අනුව පහළ ඉදල උඩට යනවට වඩා ඉහල ඉදලා පහලට යන්න ඕනේ නිසයි එවන් හමුවීකට සම්බන්ධ වුනේ. නැත්නම් වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න තිබුනා ” යනුවෙනි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්