නවතම පුවත්

මෝසම් නිසා ඉන්දියාවේ කොරෝනා තවත් දරුණු වෙයි

අසංක

අසංක

ඉන්දියාවට මේ දිනවල බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් එරට කොරෝනා අවදානම තවදුරටත් ඉහළගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදේ .

ඒ අනුව පසුගිය දින කිහිපය තුල එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

සෑම වසරකම මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවන අතර, මෙවර ඒ හේතුවෙන් කොරෝනා ආසාදිතයින් ගණන තවත් සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් පවා අනුමාන කර ඇත.

පවතින වසංගත තත්ත්වය හමුවේ ගංවතුරින් වාසස්ථාන අහිමි වූවන් තාවකාලික මධ්‍යස්ථාන කරා යොමු කිරීම ද අර්බුදකාරී වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය .

ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 24015 ක්. වන අතර කොරෝනා මරණ 610 ක් ද වාර්තා වීය .

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ 51,065 ක්වේ . ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර මේ වනවිට ඉන්දියාව පසුවන්නේ සිව්වන ස්ථානයේය. ඉහළම කොරෝනා ආසාදිතයින් වාර්තා වන ආසියානු රට වන්නේ ද ඉන්දියාවය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්