BREAKING NEWS


Share now!

උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයකු වන එම්.කේ. ශිවාජිලිංගම් මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ් වැල්වටිතුරෙයි අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය.

2018 වර්ෂයේදී මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවැසීය.