BREAKING NEWSක්‍රීඩා


Share now!

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකර ඇත.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත්ඉකුත්දා පැවති ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම සදහා බහුතරයකගේ එකගතාව පළ ව ඇති බවද වාර්තාවේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය තුල මේ වනවිට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙසේ එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.