නවතම පුවත්

ගොවියෙක් බයකොට අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාරවරයා අත්අඩංගුවට

අසංක

අසංක

කහටගස්දිගිලිය වන ක්ෂේත්‍ර සහකාරවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් වසර පහළොවක් තිස්සේ වගා කළ රජයේ ඉඩමට යාබද භූමිය එළි පෙහෙළි කළේ යැයි නීතියෙන් කටයුතු නොකර සිටීමට රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා සිටීමේ වරදට ය.

අදාළ වන ක්ෂේත්‍ර සහකාර වරයා විසින් අල්ලස් මුදලින් රුපියල් හත් දහසක් මීට පෙර ලබාගෙන තිබුණි.

ඉතිරි රුපියල් 13000 ගොවි මහතාගේ නිවසේ දී ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

චූදිත කහටගස්දිගිලිය වන ක්ෂේත්‍ර සහකාරවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්