නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම රෝ එකට ඔත්තුව දුන්නෙත් සහරාන්ගෙම කෙනෙක්

අසංක

අසංක

 

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුකිරීමෙන් අනතුරුව දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ කන්ඩායම, දළදා පෙරහැර ඉලක්කයක් කරගෙන සිටි බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවා නැගෙනහිර පළාත් බුද්ධි ප්‍රධානියෙක් පෙරේදා (22) අනාවරණය කර තිබේ.

සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම මෙරටදි ප්‍රහාර මාලාවක් සිදුකරන බවට ඉන්දියාවේ රෝ බුද්ධි සේවයට නිශ්චිත බුද්ධි තොරතුරු සපයා ඇත්තේ සහාරාන්ගේ කණ්ඩායම තුළම රැදි සිටි අයෙකු බව ද ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

එලෙස බුද්ධි තොරතුර ලබාදී ඇත්තේ සයින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවාගෙන මේ වන විට ඉන්දියාවට පළාගොස් ඇතැයි සදහන් වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් නැමැත්තිය ද යන්න විමර්ශකයින්ගේ අවධානයට ලක්ව ඇත.

එය මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැති බවද කොමිස හමුවේ බුද්ධි නිලධාරියා සාක්ෂි විමසීමේදී කීය.

මුස්ලිම් කොංග්‍රස නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වු ශිබ්ලි ෆාරුක් නැමැත්තා සහරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ප්‍රබල ලෙස දේශපාලනිකව ආධාර අනුබල දී ඇති බවද බුද්ධි අංශ ප්‍රධානියා හෙළිකළේය.

සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වු ආමි මොහිදින් නැමැත්තා 2015 – 2016 කාළවකවානුව තුළ ශිබ්ලි ෆාරුක්ගේ රියදුරු ලෙස කටයුතු කර ඇත.

2017 වර්ෂයේ මාර්තු මස 10 වන දින සහරාන් හෂිම්ගේ කණ්ඩායම සුන්නත් වල් ජමාත් සංවිධානය සමග ආලියාර් මංසන්දියේ ගැටුණි.

ඒ අවස්ථාවේදි ශිබ්ලි ෆාරුක් විසින් සහරාන් හෂිම්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගනිමින්, වෑන් රථයකින් තම නිවසට ගෙනගොස් රැකවරණය සපයා ඇති බවද එම බුද්ධි ප්‍රධානියා පැවසීය.

ආලියාර් ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තේදී සහරාන් පාර්ෂවය වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිට ඇති බවත් එහිදී හෙළිවිය.

එම නඩුව වෙනුවෙන් කොළඹ සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාව කැදවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නැමැති සහරාන් හෂිම්ගේ බිරිදගේ සහෝදරයා බව බුද්ධි ප්‍රධානියා කොමිසම හමුවේ කීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්