නවතම පුවත්

නොතීසිත් නොතකා රනිල් ඇතුළු 7 දෙනෙකු පාස්කු කොමිසමට ඇවිත් නෑ

අසංක

අසංක

පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත්කර තිබුණු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 7 දෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (27) පෙනී සිටිය යුතු වුවද ඔවුන් හෝ ඔවුන් නියෝජනය කරමින් නීතිඥයන් කිසිවකු කොමිසමට පැමිණ නොතිබුණි.

කොමිසම හමුවේ මෙලෙස පෙනීසිටින්නැයි නොතීසි නිකුත් කර තිබුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, නීතිය හා සාමය හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, හිටපු සන්නද්ධ හමුදා බුද්ධි ප්‍රධානී චූලා කොඩිතුවක්කු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යන මහත්වරු ය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි විමසීම සිදුවන ඊයේ (27) සිදුවිය.

ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටින හෝ නීතීඥ නියෝජනයක් කරන ලෙස පාර්ශව 14 කට නොතිසි නිකුත් කළ බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් මහතා කොමිසමට දැනුම් දුනි.

පාස්කු හමුවේ මෙතෙක් වැඩිම නීතීඥ නියෝජනයක් සිදුවූයේ ඊයේ (27) දිනයේය. ජනාධිපති නීතීඥවරුන් ඇතුළු නීතීඥවරුන් 30 කට ආසන්න පිරිසක් සහභාගිවී සිටියහ.

මෙලෙස නොතීසි නිකුත් කර තිබුනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න, කරුණාසේන හෙට්ටිආරච්චි, හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු, වැඩතහනමට ලක්වූ නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ටය.

මේ අතරින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පූජිත් ජයසුන්දර , කරුණාසේන හෙට්ටිආරච්චි, සිසිර මෙන්ඩිස්, හේමසිරි ප්‍රනාන්දු, රවී සෙනෙවිරත්ත, ශානි අබේසේකර යන මහත්වරුන් වෙනුවෙන් නීතීඥ නියෝජනයක් ඇතැයි කොමිසමේදී ප්‍රකාශ කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ ශානි අබේසේකර යන මහත්වරුන්ද කොමිසම හමුවේ පෙනී සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්