ලෙබනනයේ අගනුවරවන බීරූට්වල අද දිනයේ වු විශාල පිපුරුම මෙතෙක් කුමන ආකාරයක පුපුරුණ ද්‍රව්‍ය පිපිරීමක්ද යන්න ප්‍රකාශ කිරීමට එරට බලධාරින් මේ දක්වා අපොහොසත්වී ඇත.
අගනගරයේ වරායට නුදුරින් සිදුවු මෙම පිපුරුමෙන් මේ වනවිට 10 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙසේ මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.
මේ වනවිට මෙම පිපුරුමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස්, සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රජයේ මූලාශ්‍ර තහවුරු කර තිබේ.
මෙම පිපිරීමත් සමග අගනුවර පුරා කම්පන තරංග (shockwaves) පතුරවා, ජනේල සුනුවිසුනු කර, නිවාස බැල්කනි කඩා වැටීමට හේතු වූ බව එය අත්විදි ජනතාව ප්‍රකාශ කර ඇත. මේ අතර පිපුරුම වන ආකාරය ගොඩබිම සහ මුහුදේ සිට වීඩියෝගත කිරීමට හැකිව තිබේ.